අප යන මග: ශ්‍රී ලංකාවේ ප්‍රථම නිර්මාණ හරිත සිතියම එළිදැක්වීම

“අප යන මග” යනු EUNIC Sri Lanka සහ Good Life X විසින් කෙරෙන ව්‍යාපෘතියකි. EUNIC – යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහා වන ජාතික ආයතන – යනු ජාතික සංස්කෘතික ආයතන සහ සංවිධාන සඳහා වන යුරෝපියානු ජාලයයි. යුරෝපා සංගමයේ සියලු සාමාජික රටවල් සහ ආශ්‍රිත රටවල් ඇතුළත් සාමාජිකයින් 36 දෙනෙකුගෙන් මෙය සමන්විතය. EUNIC ශ්‍රී ලංකා සංවිධානයට, Alliance Française සහ ශ්‍රී ලංකාවේ හා මාල දිවයිනේ ප්‍රංශ තානාපති කාර්යාලය, Goethe-Institut, බ්‍රිතාන්‍ය කවුන්සිලය, ස්විස් තානාපති කාර්යාලය, නෙදර්ලන්ත අධිරාජ්‍යයේ තානාපති කාර්යාලය සහ ඉතාලි තානාපති කාර්යාලය ඇතුළත්ය. යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලයේ සහය ඇතිව, EUNIC Sri Lanka විසින් සංස්කෘතික සබඳතා හා නිර්මාණාත්මක සහයෝගිතා ගොඩ නැගීමටත්, විවිධත්වයට සහය දීමටත් ඒකාබද්ධ ප්‍රවේශයක් භාවිත කරයි.

Good Life X විසින් සංස්කෘතිය සඳහා යුරෝපා සංගමයේ ජාතික ආයතන (EUNIC) සමග සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ තනි පුද්ගල, කණ්ඩායම්, සංවිධාන, හෝ ව්‍යාපාර ලෙස නිර්මාණකරණයේ යෙදෙන්නන්, ඩිජිටල් හා මුද්‍රිත සිතියමකට එකතු කිරීම වෙනුවෙන් අලුත්ම ආකාරයේ මුලපිරීමක් සිදු කර ඇත. තිරසාරත්වය, වක්‍ර ආර්ථිකය සහ මිනිසුන් හා මහ පොළොව සමග ඇති සහජීවන සබඳතා යන තේමා සමග බැඳුණු ශිල්පයන්හි යෙදෙන නිර්මාණකරුවන් මෙම සිතියමට තෝරා ගනු ලැබේ. දිනෙන් දින වර්ධනය වන පාරිසරික ගැටලු සහ ඒවාට පිළිතුරු සෙවී‍මේදී නිර්මාණකරුවන්, ප්‍රධාන සහකරුවන් ලෙස යොදාගැනීම පදනම් කරගෙන “අප යන මග” සංකල්පගත කෙරිණි.

මෙම ව්‍යාපෘතිය සහභාගීත්වය මුල්කරගත් සති අන්තයකින් අවසන් වෙයි. එහිදී තෝරා ගත් නිර්මාණකරුවන්හට වෘත්තිකයන්, ශිෂ්‍යයින්, නිර්මාණ කර්මාන්තවල නියමුවන්, අනාගත ශක්‍යතා ඇති අය, අදාළ පොදු හා පෞද්ගලික අංශවල කොටස්කරුවන් සහ මාධ්‍ය ඉදිරියේ සිය කුසලතා සහ හැකියාවන් මෙන්ම දැක්ම සහ නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබේ. මෙම ව්‍යාපෘතිය 2024 මාර්තු සිට ජූලි දක්වා කොළඹදී පැවැත්වෙයි.

වක්‍ර ආර්ථිකය හා බැඳුණු ශිල්ප හෝ මිනිසුන් හා මහ පොළොව සමග ඇති සහජීවන සබඳතා වටා සිය නිර්මාණ කර්තව්‍ය කේන්ද්‍ර කරගත් පුද්ගලයන්, සංවිධාන හෝ ව්‍යාපාරවලට අපි ආරාධනා කරන්නෙමු. තෝරාගත් නිර්මාණකරුවන් ඡායාරූපකරණය, චිත්‍රපටකරණය, වඩු වැඩ, විලාසිතා, දෘශ්‍ය කලා, අභිවාහන කලා, ප්‍රකාශන, උරුම කලා සහ අත්කම්, ප්‍රචාරණ සහ සන්නාම ප්‍රචාරය, ඩිජිටල් මාධ්‍ය,  නිර්මාණ සැලසුම්කරණය, ග්‍රැෆික් නිර්මාණ, රූපවාහිනී සහ රේඩියෝ, කාර්මික නිර්මාණ, උත්සව කළමනාකරණය, ආයුර්වේද, රූපලාවන්‍ය, සූපවේදය, සාහිත්‍යය, ලෝහ වැඩ, විදුරු වැඩ, මැටි වැඩ, වාස්තු විද්‍යාව, සංගීතය, ඉලෙක්ට්‍රොනික ක්‍රීඩා (ගේමින්ග්), නිර්මාණාත්මක තාක්ෂණය සහ වෙනත් ක්ෂේත්‍රවලට අයත් විය හැක.

අපි 2024 මාර්තු 19 සිට අප්‍රේල් 5 දක්වා අයදුම්පත් භාර ගන්නෙමු. එය ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂාවලින් ලබා ගත හැකිය.

“අප යන මග” ව්‍යාපෘතිය මගින් තිරසාරත්වය, වක්‍ර ආර්ථිකය සහ මිනිසුන් හා මහ පොළොව සමග පවතින සහජීවන සබඳතා පාදක කරගත් ඕනෑම ක්ෂේත්‍රයක නිර්මාණශීලි පිරිස වෙත අවස්ථාව ලබා දේ

 

ඡායාරූපය පිළිබඳ: “අප යන මග” ව්‍යාපෘතිය යනු Good Life X pvt Ltd. සහ යුරෝපා සංගමයේ ජාතික ආයතනයේ (EUNIC) ශ්‍රී ලංකාවේ ශාඛාව අතර සහයෝගීත්වයෙන් සිදු වන්නකි. මෙහිදී ඩිජිටල් සහ මුද්‍රිත සිතියමක් සහ අවසාන ප්‍රදර්ශනයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී පිරිස එකතු කිරීමත්, ලේඛනගත කිරීමත් අරමුණු කරයි.

The post අප යන මග: ශ්‍රී ලංකාවේ ප්‍රථම නිර්මාණ හරිත සිතියම එළිදැක්වීම appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Bizweb2 Bizweb2
#SriLanka #News #lka