එහිදී ගනුදෙනු ආරම්භ වී පළමු මිනිත්තුව ඇතුළත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි දැවැන්ත කොටස් ගනුදෙනුවක් සිදුවූ අතර ඒ හරහා රු. බිලියන 11.28 ක පිරිවැටුමක් වාර්තා වුණි.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි 7 වැනි ස්ථානයට විශාලතම කොටස් හිමියා වූ Citigroup Global Markets Limited Agency Trading Prop Securities A/C විසින් තමන් සතුව තිබූ 61,904,939 ක කොටස් ප්‍රමාණයක් මෙහිදී අලෙවි කර තිබුණි. එය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 4.5% ක ප්රමාණයකි.
මෙය Citigroup Global Markets Limited Agency Trading Prop Securities A/C හි අභ්‍යන්තර කොටස් හුවමාරුවක් බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම මෙය විදෙස් පාර්ශව දෙකක් අතර සිදුවූ ගනුදෙනුවක් බවට ද වාර්තා වේ.
The post කොටස් වෙළෙඳපොළේ රු. බිලියන 11ක දැවැන්ත ගනුදෙනුවක් appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka