හෙට (24) තරුණ උද්ඝෝෂණයට රනිල් හොදටම බය වෙයි..! ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු කොළඹ ප්‍රදේශ කිහිපයක් අධිආරක්ෂිත කලාප ලෙස ගැසට් කරයි

රට තුල ආරක්ෂාව සම්බන්දයෙන් බරපතල තත්ත්වයක් නොමැති වටපිටාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කොළඹ ප්‍රදේශ කිහිපයක් අධිආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් අද (සැප්. 23) අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, පාර්ලිමේන්තු සංකීර්ණය හා ඒ අවට ප්‍රදේශය, ශ්‍රේෂ්ඨාධිකරණය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යංශය හා යුද්ධ හමුදා මූලස්ථානය, කොම්පඤ්ඤවීදීය ගුවන් හමුදා මූලස්ථානය, මල් පාර අග්‍රාමාත්‍ය කාර්යාලය, කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ආශ්‍රිත ප්‍රදේශය, ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස පිහිටි ප්‍රදේශ එලෙස අධි ආරක්ෂිත කලාප ලෙස නම් කර ඇත.

හෙට දිනය තුල කොළඹ නගරය තුල සමාජවාදී තරුණ සංගමය විසින් දැවැන්ත උද්ඝෝෂණයක්ද සංවිධානය කර ඇති අතර එය නම්කර ඇත්තේ ‘අරගලයට නව ජවයක් තරුණ බලය යලි කොළමට‘ නමිනි. ඒ හරහා යලිත් අරගලය නව මානයකින් ඉදිරියට ගැනීමට සැරසුම් කර ඇති බව තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පවසයි.

හෙට පැවැත්වෙන උද්ඝෝෂණ ව්‍යාපාරයත් සමගින් කොළඹ ස්ථාන ගණනාවක් අධි ආරක්ෂක කලාප ලෙස නම් ජනාධිපතිවරයා විසින් ගැසට් කිරීම මේ වනවිට දේශපාලන කේෂ්ත්‍රෙය් දැඩි කතා බහට ලක්වී ඇත.

යුද්ධය පැවති සමයේදී අධි ආරක්ෂිත කලාප රටට ඉතා සුලබ අත්දැකීමක් වූ නමුත් යුද්ධය අවසන්වීමෙන් පසුව අධි ආරක්ෂිත කලාප සියල්ල ඉවත් කෙරිණි

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

The post හෙට (24) තරුණ උද්ඝෝෂණයට රනිල් හොදටම බය වෙයි..! ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු කොළඹ ප්‍රදේශ කිහිපයක් අධිආරක්ෂිත කලාප ලෙස ගැසට් කරයි appeared first on ColomboXnews.

Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka