ව්‍යවස්ථා සංශෝධන ගැටේ ගහලා අන්තිම පාරටත් ඡන්දය කල් දාගන්න හදන වැඩේ ප්‍රතිඵල එනකොට රනිල් ගෙදර – අනුර මහනුවරදී කියයි (වීඩියෝ)

ඡන්දය කල් දමාගැනීමේ අවසන් අභිප්‍රාය සඳහා සිහින දකින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවසාන උත්සාහය වූ කඩිනම් ව්‍යවස්ථා සංශෝධන ගැටයත් ගැලවී යන ආකාරය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හෙළිදරවු කළේය. ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ දැවැන්ත මහජන සහභාගීත්වයක් සහිතව ඊයේ (16) මහනුවර පැවැත්වූ ජන රැළිය අමතමිනි.

පවතින තත්ත්ව විග්‍රහ කළ බැලූ විට බොහෝ දුරට සැප්තැම්බර් 28 ජනාධිපතිවරණය පැවැත්වෙන බව පැවසූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා ගැටය බුරුල්වන ආකාරය එහිදී පැහැදිලි කරන්නේ මෙසේය.

“බන්දුල ගුණවර්ධන කියනවා මේ ව්‍යවස්ථාවෙ ගැටලුවක් තියන්‍වා පහද හය ද කියලා. ඒ නිසා ටක්කේටම හයයි කියන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න කැබිනට් මණ්ඩලය තීරණය කළාලු.”

“අපේ රටේ කැබිනට් මණ්ඩලයට නෙමෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ මුළු බලය තියෙන්නෙ. ශ්‍රේෂ්ඨාධිකරණයට. කවර හෝ කෙනෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙගිඩියාවක්, සැකයක් තිබෙනවා නම් ඒ සැකය දුරු කරන්නේ කවුද, ශ්‍රේෂ්ඨාධිකරණය.”

“ශ්‍රේෂ්ඨාධිකරණය මේ පහද හයද කියන ප්‍රශ්නය අවස්ථා තුනක දි විසඳලා තියනවා.
ඒත් පහද හයද කියලා තවත් ගැටලුවක් තියනවලු රනිල්ට. අපිට නම් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයටත් නෑ. ජනතාවටත් නෑ. පහෙන් ජනාධිපති ඡන්දයක් තියලත් තියනවා. ශ්‍රේෂ්ඨාධිකරණය තුන් පාරක් කියලත් තියනවා. ඒත් රනිල්ට එ් ගැන සැක නිසා හය තියන තැනට පහ ගේන්න ඕන කියලා ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න ඕන කියලා.”

“හය තියෙන්නේ අසු තුන ආ වගන්තයේ. ඒක සංශෝධනය කරන්න ජන මත විචාරණයක් ඕන. 19 වැනි ව්‍යවස්ථාව හදපු නීතිඥ කණ්ඩායම කල්පනා කළේ මොකක්ද, ජන මත විචාරණයකට තුඩු දෙන්නේ නැතිව 19 සම්මත කරගන්න තමයි එදා අපේක්ෂාව තිබුණෙ. ඒ නිසා 83 වගන්තියට අත තිබ්බෙ නෑ.”

“දැන් කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියනවා 83 වගන්තිය සම්මත කරන්න. 83 වගන්තිය කියන්නේ මොකක් ද?. ජනමත විචාරණයක් .

දැන් ජනාධිපති ඡන්දය . ඒ අතර ජනමත විචාරණයක්. හැබැයි ඕකට මොකද වෙන්නේ.

අද කැබිනට් මණ්ඩලය සම්මත කළා. හරි… ඉලඟට…. ඊලඟට මේක ගැසට් කරන්න ඕන. ගැස්ට් කරලා ගැසට් එකේ සතියක් තියන්න ඕන.

ඊලඟට මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. කාට හරි පුරවැසියෙකුට අධිකරණයට යන්න පාර්ලිමේන්තුවෙ සති දෙකක් තියන්න ඕන.

“අධිකරණයට ගියාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට සති තුනක් දෙනවා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමත කළහොත් එය නැවත වරක් පාර්ලිමේන්තුවට එන්න ඕන. ”

“පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකෙන් අනුමත වුනාට පසසේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජන මත විචාරණයක් ඕන කියන නිසා එතැන් සිට මාසයක් ඇතුළත මැතිවරණයක් පවත්වන්න කියලා ජනාධිපතිවරා විසින් පවසනවා.” එතකොට රනිල් ගෙදර.

The post ව්‍යවස්ථා සංශෝධන ගැටේ ගහලා අන්තිම පාරටත් ඡන්දය කල් දාගන්න හදන වැඩේ ප්‍රතිඵල එනකොට රනිල් ගෙදර – අනුර මහනුවරදී කියයි (වීඩියෝ) appeared first on ColomboXnews.

Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka