හම්බන්තොට තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබා දුන්නේ එම ප්‍රදේශයේ වරායක් තිබෙන නිසා යැයි පවසන්නේ නම් කොළඹ ද වරායක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.
විවිධ මත මාධ්‍යවල පළවුවත් තමන් ප්‍රකාශ කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මතය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියා
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සිදුකල ප්‍රකාශයක් උපුටා දක්වමින් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමක දී ඔහු මෙසේ කියා සිටියේය.
කෙසේ වෙතත් ප්‍රසන්න ගුණසේන මහතාට එම අදහස් පළ කිරීම ගැටලුවක් නැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය තමන් හෝ කිසිවකු එම තීන්දුව ගන්නා අවස්ථාවේ නොසිටි බවත් පැවසූ ඔහු නමුත් එම තීරණ ගන්නා ස්ථානවල ප්‍රසන්න ගුණසේන මහතා සිටින්නට ඇතැයිද කියා සිටියේය.
The post වරායක් තියෙනවා කියලා හම්බන්තොට තරුණ තරුණියන්ට ෆයිසර් දෙනවනම් කොළඹත් වරායක් තියෙනවා appeared first on ColomboXnews.
Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka