රනිලුයි-කංචනයි මිහින්තලේ පන්සලේ ලයිට් කැපුවා නම් මැදමුලන වලව්වේ ලයිට් කපන්නේ නැත්තේ ඇයි..? මොකද මැදමුලන වලව්ව තියෙන්නේ මිහින්තලේ පන්සලට උඩින් නෙමෙයි – ජවිපෙ නලීන් හේවගේ (වීඩියෝ)

තොරතුරු දැනගැනීමේ පනත යටතේ තමා විසින් ඉල්ලා සිටි විදුලිබල මණ්ඩල සභාපතිවරයා විසින් එවා ඇති ලක්ෂ 26 විදුලි බිලට අදාළ ලිපිය වෙන කාගේවත් නොව නාමල් රාජපක්ෂ මහතාගේ මංගල උත්සවයේ බව ජවිපෙ හිටපු මන්ත්‍රී නලින් හේවගේ මහතා පැවසයි.

අද (04) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ විදුලි බල නොගෙවීම හේතුවෙන් රනිල් සහ කංචන මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කළා නම් මැදමුලන වලව්වේ විදුලියද විසන්ධි කළ යුතු බවකි.

තව කියවන්න –

‘නාමල්ගේ විවාහ මංගල උත්සවයේ ලක්ෂ 26ක විදුලි බිල වසර හතරකට පසුවත් තවම ගෙවා නෑ…‘ – ජවිපෙ හිටපු මන්ත්‍රී නලීන් හේවගේට විදුලිබල මණ්ඩලය තොරතුරු හෙළිකරයි.

The post රනිලුයි-කංචනයි මිහින්තලේ පන්සලේ ලයිට් කැපුවා නම් මැදමුලන වලව්වේ ලයිට් කපන්නේ නැත්තේ ඇයි..? මොකද මැදමුලන වලව්ව තියෙන්නේ මිහින්තලේ පන්සලට උඩින් නෙමෙයි – ජවිපෙ නලීන් හේවගේ (වීඩියෝ) appeared first on ColomboXnews.

Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka