රනිල් සල්ලි නෑ කියා කල්දැම්ම පුංචි ජන්දය අධිකරණ නියෝගයෙන් ජනාධිපතිවරණ උණුසුම මැද පැවැත්වීමට මැතිවරණ කොමිසම සැරසෙයි..

ජනාධිපතිවරණයෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

ඊයේ (28) මැතිවරණ කොමිසම රැස් වූ අවස්ථාවේදී යි එම තීරණය කර ඇත්තේ.

මේ අතර ජනාධිපතිවරණ පැවැත්වීමට ද සියලු කටයුතු සැලසුම් කර ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා එහිදී පැවසුවේය.

”මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වුණා අපි සෑම සතියේ දිනකම බදාද රැස්වෙනවා. පරිපාලනය සම්බන්ධව සහ අනුමැතිය ලබාගතයුතු කාරණා සම්බන්ධව අපි අද සාකච්ඡා කළා. අධිකරණ තීන්දුවක් ලබා දුන්නා. ඒ තීන්දුවට අනුව මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය තියන්න කටයුතු කරනවා. අධිකරණ තීන්දුව විසින් ලබාදුන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව කරුණු අධ්‍යයනය කර පළාත් පාලන මැතිවරණය වෙනත් මැතිවරණවලට බාධාවක් නොවන ලෙස පැවැත්වීම පිළිබදව සාකච්ඡා කළා.”

The post රනිල් සල්ලි නෑ කියා කල්දැම්ම පුංචි ජන්දය අධිකරණ නියෝගයෙන් ජනාධිපතිවරණ උණුසුම මැද පැවැත්වීමට මැතිවරණ කොමිසම සැරසෙයි.. appeared first on ColomboXnews.

Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka