ජනතාවට අවශ්‍ය පවතින ආර්ථික අර්බුදය කළමනාකරණය කරගත හැකි නායකයෙක් පමණක්ම නොව, තමනුත් නියෝජනය කරන දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකි බරපතල සමාජ පරිවර්තනයක් සමග එන දේශපාලන ව්‍යාපාරයක් බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතු බවත්, අන්ත දූෂිත දේශපාලනයක් සිදුකරමින් යහ පාලන ආණ්ඩුව පිහිටුවා දින 52ක් යනවිට රටේ සිදුකළ විශාලම මූල්‍ය වංචාවක්වන මහ බැංකු වාංචාවේ ප්‍රධාන අපරාධ චෝදනා සහිත රනිල් වික්‍රමසිංහ සමග ජාතික ජන බලවේගයට කවර ආකාරයේ දූෂණ විරෝධී ගමනක් දැයි තමන් විමසන බවත් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.
දූෂණ විරෝධී ආණ්ඩුවක දූෂණ විරෝධී ව්‍යාපාරයක් වෙනුවෙන් සහයෝගයෙන් වැඩ කිරීමට කොන්දේසි විරහිතව එකඟවන නමුත් ඒ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් නොවන බව ද ඇය ප්‍රකාශ කළාය.
මන්ත්‍රීවරිය මෙසේ ද පැවසුවාය.
“රනිල් වික්‍රමසිංහ කිසිසේත්ම ජනතාව අභිලාෂයන් නියෝජනය කරන පුද්ගලයෙක් නෙමෙයි.
ඔහු විවිධ අවස්ථාවල දූෂණයට එරෙහිව එකතු වෙන්න කියලා අපි සියලු දෙනාටම ආරාධනා කළා. පෙරේදා ඔහු ගේ කතාව තුළ ඔහු ඇඟෙව්වා ජනතා විමුක්ති පෙරමුණ ඔහුත් එක්ක ඉතා කිට්ටුවෙන් වැඩ කළා කියලා දූෂණ විරෝධී වැඩවලට. ඒකට නායකත්වය දෙන්න මැදිහත් වුනා කියලා අවස්ථා කීපයක දී ඔහු කියනවා. කියනවා නෙමෙයි. ඒක කියාගෙන යනවා. අපි බබ්බු නෙමෙයිනේ. ඔහුගේ දේශපාලන අරමුණත් අපට තේරෙනවා.”
“අපි හිතමු. ඕනෑම ආණ්ඩුවක් දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වෙනවා නම් අපි ඔවුන් සමග සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්. ඒ සම්බන්ධව කිසිම තර්කයක් නෑ. ඒ පදනමේ ඉඳන් තමයි 2015 උනත් යහ පාලන ආණ්ඩුව එක්ක යම් මැදිහත්වීමක් සමග සාකච්ඡාවක් ආරම්භ කළේ. ඒ බලාපොරොත්තුවෙන්.”
“ඒ යහපාලන ආණ්ඩුව පොරොන්දු වෙච්චි විදිහට දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වේවි කියලා. නමුත් දින 52ක් යනකොට ඒ යහපාලන ආණ්ඩුව තමයි මහ බැංකු කොල්ලය කළේ. ලංකාවේ සිද්ධ වෙච්චි විශාලම දූෂණයක් රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ සිද්ධ වුනා. එවැනි ආණ්ඩුවක් සමග තව දුරටත් දූෂණයට එරෙහිව කටයුතු කරන්න බැරි නිසා තමයි ඒ ක්‍රියාවලියෙන් අයින් උනේ. “
“ජනාධිපති රනිල් වික්‍රමසිංහ විටින් විට එතැන වැඩ කරපු රාජ්‍ය සේවකයින්ගෙ නම් කියමින් ඔවුන්වත් අවදානමකට පත් කරනවා. ආනන්ද විජේපාල රාජ්‍ය සේවකයෙක්. ඒ ආයතනයට තෝරා ගත්ත රාජ්‍ය සේවකයෙක්. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඔහුව මතු කරමින් වෙන කතාවක් කියන්න උත්සාහ කරනවා. නමුත් අපි දන්නවා දූෂණයට එරෙහි ඒ ආයතනයට වැඩ කරන්න බැරි වෙන විදිහට බාධා එන්න පටන් ගත්තේ මොන අවස්ථාවෙ ද කියලා. එකත් මුලු රටම දන්නවා.”
“රනිල් වික්‍රමසිංහ එක්ක වැඩ කරපු රනිල්ට ආරක්ෂා කරන්න අවශ්‍ය වුන රවී කරුණානායක සහ පී. හැරිසන් වගේ අයගේ විමර්ශන පටන් ගන්නකොට තමයි දූෂණ විරෝධී විමර්ශනවලට බලපෑම් එන්න පටන් ගත්තේ. ඒවට ඉදිරියට යන්න බැරි වෙන්නේ. ඔහුගේ දේශපාලන මැදිහත්වීම තුළින් දූෂණ විරෝධී ක්‍රියාවලිය නිසි ලෙස කරගෙන යන්න බැරි වුන බව මුලු රටම දන්නවා. “
“එවැනි නායකයන් සමග අප හිතන්නෙ නෑ අපට දූෂණයට එරෙහිව වැඩ කරන්න පුලුවන් කියලා. ඔහු ඇවිත් මෙතන අඟවන්න හදනකොට ඔහුත් දූෂණ විරෝධී කෙනෙක්, දූෂණයට විරුද්ධ සියලු දෙනා ඔහු සමග වැඩ කළ යුතුයි කියලා ඒක විශාල බොරුවක්, වංචාවක්, විහිලුවක්.”
“එතනිනුත් ඔහු උත්සාහ කරන්නෙ ඒ අවස්ථාවෙදි ප්‍රශ්න කරන්න බැරි ඔහුගේ කතාවෙන් බොරු අදහස් වපුරුවමින් අමුතු සුරංගනා කතාවක් හදන්න. “
“ඔහුගේ ඔය උපාය මාර්ග තව දුරටත් වලංගු නැති බවත් ඔහු තේරුම් ගත යුතුයි. “
The post යහපාලන අර්ථයත් විනාශ කළ රනිල් එක්ක මොන දූෂණ විරෝධී ගමනක් ද?… හරිනිගෙන් පාර්ලිමේන්තුවේ දී සැර කතාවක් appeared first on ColomboXnews.
Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka