මාස 7කට පසු කෙහෙළිය ඇතුළු තිදෙනෙකුට ඇප

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඇප මත මුදා හැර තිබේ.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්. 11) මෙම නියෝගය ලබා දී ඇත.

අප සිදු කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මේ බව තහවුරු කළේ ය.

කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 2 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

ඒ අනුව, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට ඇප නියම කරන ලද්දේ, මාස 7කට පසුව ය.

The post මාස 7කට පසු කෙහෙළිය ඇතුළු තිදෙනෙකුට ඇප appeared first on ColomboXnews.

Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka