පැල් රකිමින් සිටි මව සහ පුතා විදුලිසැර වැදී මරුට

විදුලි කාන්දුවක් හේතුවෙන් පැලට ගිනි ඇවිළී සිදුවූ අනතුරකින් මවක් සහ පුතෙකු පිළිස්සී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ පොළොන්නරුව හබරණ කිතුල්උතුව ප්‍රදේශයේ වගාවක පැල් රකිමින් සිටියදීය.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 46 හැවිරිදි මව සහ ඇයගේ 13 හැවිරිදි දරුවාය.

නිවසේ සිට පැලට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනකින් ගින්න ඇතිව තිබේ.

The post පැල් රකිමින් සිටි මව සහ පුතා විදුලිසැර වැදී මරුට appeared first on ColomboXnews.

Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka