දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාර සමිති මහා සභාවට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් මෙතෙක් පාලන බලය හෙබවු පොහොට්ටුවේ කණ්ඩායම පරාජයට පත්කරමින් ජනතා විමුක්ති පෙරමුණ සහාය පලකල කණ්ඩායම 2/3 ඉක්මවූ හෝ ඒ ආසන්න ජයග්‍රහණයක් ලබා ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිපුණ රණවක සහ වීරසුමන වීරසිංහගේ සහාය ලද පාර්ශ්වය ඉන් විශාල වශයෙන් පසුබෑමකට ලක්ව තිබේ.
නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සහාය ලද කණ්ඩායම නියෝජිත ධුර 35ක් දිනා ගනිද්දී ජයග්‍රාහී ජවිපෙ සහාය පලකල කණ්ඩායම ආසන 55ක් ජයග්‍රහණය කර ඇත. මීට අමතරව පැවති පොහොටුවේ පාලනයට එරෙහිව තරගකල ස්වාදීන පිරිසක්ද ජයග්‍රහණය කර තිබේ.
ඉන් වැඩිම කොටසක් (48) ජනතා විමුක්ති පෙරමුණ සහාය දුන් කොටපොල සුරැකීමේ සංවිධානය විසින් දිනාගෙන ඇති අතර ඒ අනුව සභාවේ සභාපති ධුරය ඇතුළු බලය පිහිටුවීම ඔවුනට පහසුවෙන්ම හැකිව තිබේ.
මේ අතර පොදුජන පෙරමුණ විසින් හොර ඡන්ද දැමීමේ ක්‍රියාවකද නියතවී ඇති බව මේ වනවිට අනාවරනය වී තිබේ. දෙහිගස්ප ප්රෙද්ශිකයට අදාල ඡන්ද මධ්‍යස්ථානයේදී මෙලෙස පොහොට්ටුවට ඡන්දය ප්‍රකාශ කරන ලද හොර ඡන්ද පත්‍රිකා 32ක් හදුනාගෙන තිබේ.
මෙමෙම හොර ඡන්ද මගඩිය සම්බන්දයෙන් අද(06) දිනය තුල සමුපකාර කොමසාරිස් වරයාට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව ජයග්‍රහණය කරන ලද කණ්ඩායම ප්‍රකාශ කරයි.
සාමාජිකයන් 50,000ක ගෙන් පමණ සමන්විත කොටපොල විවිධ සේවා සමුපකාර සමිතය සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම සමුපකාර සමිතියක් ලෙසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම සමිතියේ බලය පසුගිය නිලවරණයේදී 90% පමණ විශාල පරතරයකින් ජයග්‍රහණය කරන ලදී.
මෙම දෙනියාය ආසනය රාජපක්ෂ පවුලේ ඥාතියෙකු වන පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවකගේ සංවිධායක ධුරය දරණ බල ප්රෙද්ශයවීමද විශේෂ කරුණකි.
The post දෙනියාය සමුපකාර ඡන්දයෙන් පොහොට්ටුවට අන්ත පරාජයක්..! ජවිපෙ කණ්ඩායමට දැවැන්ත ජයක්..! පොහොට්ටුවේ හොර ඡන්ද මගඩියකුත් මාට්ටු..! appeared first on ColomboXnews.
Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka