කෙහෙළියගේ ‘කාලකණ්නී‘ ප්‍රකාශයට ගුරුවරුන්ගේ දැඩි විරෝධය – කැබිනට් ප්‍රකාශක කිවේ ආණ්ඩුවේ නිල ස්ථාවරයද? – මහින්ද ජයසිංහ ප්‍රශ්ණ කරයි (වීඩියෝ)

රජයේ කැබිනට් ප්‍රකාශක ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගුරුවරුන් කියන්නේ කාලකණ්නී පිරිසක් යැයි රජයේ නිල තීන්දු තීරණ දැනුම්දෙන කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කිරීම සම්බන්දයෙන් මේ වනවිට ගුරුවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතී.

මේ පිලිබදව අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කලේ කෙහෙළියගේ කාලකණ්නී ප්‍රකාශය ආණ්ඩුවේ නිල ස්ථාවරයද යන්න පිලිබදව ජනාධිපතිවරයා සහ අධ්‍යාපන ඇමතිවරයා වහාම රටට පැහැදිලි කල යුතු බවයි.

එමෙන්ම ගුරුවරුන් පසුගිය කාලය පුරාවට ආණ්ඩුවෙන් කිසිදු දීමනාවක් නොලබා දැඩි දුෂ්කරතා යටතේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ස්වේච්ඡාවෙන් දරුවන් වෙනුවෙන් ඉගැන්වීමේ කටයුතු වල නිරතවු බවත් එමනිසා මෙම ප්‍රකාශය සරළව බාරගැනීමට තමන් සුදානම් නොමැති ජයසිංහ මහතා බවද පවසයි.

The post කෙහෙළියගේ ‘කාලකණ්නී‘ ප්‍රකාශයට ගුරුවරුන්ගේ දැඩි විරෝධය – කැබිනට් ප්‍රකාශක කිවේ ආණ්ඩුවේ නිල ස්ථාවරයද? – මහින්ද ජයසිංහ ප්‍රශ්ණ කරයි (වීඩියෝ) appeared first on ColomboXnews.

Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka