හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාට අයත් වාහනයකට වෙඩි තැබීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතා ඊයේ දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ, මාලඹේ ප්‍රදේශයේ නිවසක සිටියදී ය. අත්අඩංගුවට ගැනුණු හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රකාශයක් සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ උද්දික ප්‍රේමරත්න ගමන්ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමේ සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබිණි.
මේ අතර, හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා මෙම සිද්ධියට අදාළ නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස නීතිඥවරු ඉදිරිපත් කළ ඉල්ලීම් 6ක් ඉකුත් 2 වන දා අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය ප්‍රතික්ෂේප කර තිබුණා ය.
එමෙන් ම, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරට ත් විමර්ශන මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා ය.
මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළේ මෝසමක් මගින් ඉකුත් දා නඩුව කැඳවූ අවස්ථාවේදීය.
කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීමේ සිද්ධිය සැලසුම්සහගතව කරන ලද්දක් බව මූලික විමර්ශනයේදී තහවුරු වී තිබූ බව පොලිසිය කීය.
සිදුවීමෙන් පසු අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා ජූනි 11 වන දා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වූ යානයක නැගී මැලේසියාවට ගිය බව ද මාධ්‍ය වාර්තා පළවිය.
ශ්‍රී ලංකා පොලිසියට දැනුම්දීමකින් තොරව නිසි අවසරයකින් තොරව ඔහු විදේශ ගතවූ බව ද පොලිස් මාධ්‍ය කාර්යාලය සඳහන් කළේ ය.
සහකාර පොලිස් අධිකාරිවරයා සිය ගිනි අවිය කිසියම් පුද්ගලයෙකු අත නැවත ඔහු සේවය කළ ස්ථානයට එවා ඇති බව ද මාධ්‍ය සඳහන් කළේ ය.
2023 සැප්තැම්බර් 7වන දා අනුරාධපුර ගුවන් තොටුපළට යන පාරේ පිහිටි උද්දික ප්‍රේමරත්න මහතාගේ නිවස ඉදිරිපිටදී එදින රාත්‍රී 10:30ට පමණ ඔහුගේ රථයට වෙඩි ප්‍රහාරය එල්ලවූ අතර රථයට සුළු හානි සිදුවිය.
The post උද්දික ප්‍රේමරත්නගේ වෙඩි තැබීමේ රංගනයට හවුල් බව කියන හිටපු ඒ.එස්.පී. සංජීව මහානාම අත්අඩංගුවට appeared first on ColomboXnews.
Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka