ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට!

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක්දින නිල සංචාරයක් සඳහා අද (4) උදෑසන දිවයිනට පැමිණියේය.

ඔහු සමග දූත පිරිස ලෙස සහභාගී වීම සදහා තවත් එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 08 දෙනෙකු ද පැමිණ සිටින බව සඳහන්.

ජයශංකර් මහතා ඇතුළු පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ජයශංකර් මහතා මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට නියමිතව ඇත.

එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී සාකච්ඡා කිරිමට නියමිත බවද සඳහන් ය.

නැවතත් කොළඹට පැමිණීම සම්බන්ධයෙන් සතුටු වන බවත්, මෙරට නායකයින් සමඟ සිදු කරනු ලබන කටයුතු ඉදිරියේදී දැක බලාගත හැකි බවත් මෙරටට පැමිණි විදේශ අමාත්‍යවරයා සිය x ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කළා.

The post ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට! appeared first on ColomboXnews.

Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka