ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත ආරුගම්බේ ආරක්ෂාව ගැන බලන්න යයි

නැගෙනහිර පළාතේ සහ විශේෂයෙන් ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්‍ෂාව පිළිබඳ සොයාබැලීමට ආරක්‍ෂක ලේකම්වරයා අද (නොවැ.10) දින එහි සංචාරයක නිරත විය.

අද දින සිදුකළ සංචාරයේදී ප්‍රදේශයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳ අවධානයට ලක් වූ අතර, ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන් විසින් දැනට එහි ක්‍රියාත්මක ආරක්‍ෂක සැලැස්ම පිළිබඳ ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් කරනු ලැබීය.

ඒ අනුව, එළඹි නිගමනයන්ට අදාළව ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් පවත්වා ගැනීමට මෙන්ම, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද සංචාරක ආකර්ෂණීය ස්ථාන වල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ආරක්‍ෂක ලේකම්වරයා විසින් අදාළ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇත.

තවද, සංචාරකයන්ගේ නිදහසට බාධා නොවන පරිදි හා ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව පිළිබඳ ඔවුන් තුල විශ්වාසය ගොඩනැගෙන පරිදි කටයුතු කලයුතු බවද අවධාරණය කර තිබේ.

මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ, විශේෂ කාර්ය බලකායේ හා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

The post ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත ආරුගම්බේ ආරක්ෂාව ගැන බලන්න යයි appeared first on ColomboXnews.

Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka