අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද රාත්‍රියේදීත් ප්‍රදේශ රැසකට මිලිමිටර 100 ඉක්මවු වැසි ඇතිවිය හැකි බවයි.
ගතවූ පැය විසි හතරේ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය – කළුගලින් වාර්තාවී ඇති අතර, එය මිලිමීටර 212.5 ක්.
ගාල්ල – නෙළුව ප්‍රදේශයට මිලිමීටර 198 ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ තවත් ප්‍රදේශ 12 කට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි ඇද හැලී ඇති බවයි.
නුවරඑළිය, රත්නපුර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල මාර්ග රැසක්ද විශාල ගස් හා පස්කඳු කඩාවැටීමෙන් සහ ජලයෙන් යටවීමෙන් අවහිර වී තිබෙනවා.
කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම ක්‍රියාත්මකයි.
කැළණි, නිල්වලා, ගිං සහ කළු යන ගංඟාවලද ජල මට්ටම ඉහළ ගොස් තිබූ අතර, එම ගංඟා අවට පහත්බිම්වල ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 1,403 ක, පුද්ගලයින් 5,777 ක් මේ වනවිට බලපෑමට ලක්ව තිබෙනවා. ඉන් පවුල් 16 කට අයත් පුද්ගලයින් 67 ක් ආරක්ෂිත නිවාස දෙකක රඳවා ඇති බවයි වාර්තාවන්නේ.
අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය අය අතර මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ – දොලොස්බාගේ ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සිටින අතර, ඔහු අද මියගියේ සිය නිවස මතට පස් කන්දක් කඩා වැටීමෙනුයි.
එසේම මියගිය අනෙක් පුද්ගලයා කඩුවෙල – කොරතොට ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙක්.
ඔහු වැල්ලවත්ත – ශ්‍රී සුදර්ශනාරාම මාවතේදී මියගොස් තිබුණේ ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක කොටසක් සිය මෝටර් රථයට කඩාවැටීමෙනුයි.
එසේම අයහපත් කාලගුණයෙන් පාරිභෝගිකයන් ලක්ෂ හතරකට වැඩි පිරිසකට මේ වනවිට විදුලිය ඇණහිට තිබෙනවා.
මේ අතර අද රාත්‍රී කාලයේදීත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණ යන පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
සබරගමු පළාතට සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර 100 ඉක්මවු තද වැසිද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
වැසි සමඟ ඇතැම් අවස්ථාවලදී මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේවලට පැයට කිලෝමීටර 60 දක්වා වූ තද සුළං ඇතිවිය හැකියි.
The post අයහපත් කාලගුණයෙන් දෙදෙනෙකු මරුට – අද රාත්‍රියේදීත් සුළං සමඟ තද වැසි appeared first on ColomboXnews.
Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka