ඇමරිකානු අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවේ හෙට දවස

“අපි පස් වසරකින් රටවල් හතක් අතුගා දැමීමට සැලසුම් කර ඇත්තෙමු” ඇමරිකානු ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් විසින් කරන ලද මෙම ප්රඅකාශය සුළුවෙන් තැකිය යුතු ප්ර්කාශයක් නොවේ.වෙස්ලි ක්ලාර්ක්, නේටෝ සංවිධානය විසින් 1999දී යුගෝස්ලාවියාවට එරෙහිව සිදුකළ යුද්ධයේදී එහි උත්තරීතර අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ අතර මේ වනවිට හමුදා සේවයෙන් විශ්රාදම ගෙන තිබේ.ඇමරිකානු තෙල් සමාගමක් වන BNK Petroleum හි අධ්ය්ක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ක්රිනයා කිරීමට අමතරව, 2012 සහ 2015 අතර කාලයේදී රුමේනියානු ජනාධිපති වික්ටර් පොන්ටාගේ ආරක්ෂක උපදේශකයෙකු ලෙස ද කටයුතු කළ ජෙනරාල් ක්ලාර්ක් සාම්ප්ර5ධායික යුද විද්යාමව පිළිබඳ කෘති ගණනාවක් ලියා පල කල පුද්ගලයෙකි . හිටපු ඇමරිකානු තරු හතරේ ජනරාල්වරයෙකු විසින් ලෝකයේ දේශපාලන හැඩගැස්ම පිළිබඳ දශකයකට පෙර සිදුකළ මෙම කදිම පුරෝකථනය අද වන විට ලෝකය පුරා අපට දැක ගැනීමට හැකියාව තිබේ. ඔහු මෙම ප්ර කාශය කරන අවස්තාව වන විට ආසන්න වශයේ ඇමරිකානු මිලිටරි ආක්රිමණයට ලක්ව තිබුනේ ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය පමණි.ජෙනරාල් ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් 2007 පෙබරවාරි 27වැනි දා කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්ය් සඳහා වන ඇමෙරිකානු කාලසටහන පිළිබඳ කරනු ලැබූ බරපතල අනාවරණයක් බව අපගේ නිගමනයයි.

ඇමරිකානු අධිරාජ්ය ආක්රමමණය දෙස අවධානය යොමු කරන බහුතරයක් දෙනා කල්පනා කරනු ලබන්නේ ඇමරිකාව මිල්ටරි ආධිපත්යම හරහා රටවල් යටත් කරගන්නේය යන සිතුවිල්ල සිත්හි තබාගෙනය.නමුත් ඇමරිකානු ආක්රයමණකාරී න්යාගය පත්රලයේ හමුදා බලය යෙදවීම යන වගන්තිය තිබෙන්නේ අවසන් වගන්තිය ලෙස බව බොහෝ දෙනා නොදනී.ඊට හේතුව වන්නේ යුද්ධය යනු වියදම් අධික මිනිස් ජිවිත නැසෙන ඇමරිකාව සතු ඩොලර් සංචිත අධික ලෙස වියදම් වෙන ක්රවමයක් ලෙස ඇමරිකාව මේ වන විට තීරණය කොට තිබීමයි.මේ හේතුවෙන් ආක්ර්මණිකයා සිය ආක්රසමණික උපාය මාර්ගය සියුම් ලෙස රටින් රටට මාරු කරමින් සිටි.අද වන විට ශ්රී ලංකා රාජ්යක ද මෙකි උපාය මාර්ගික ආක්රසමණිකයාගේ ඉලක්කයක් බවට පත්වෙමින් තිබෙන බව ඉතා පැහැදිලිය.

මෙම මස 27, 28 යන දිනයන්හි ඇමරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පියෝ ශ්රීේ ලංකාවට පැමිණෙන බවට ශ්රීආ ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය දැනුම් දී ඇති අතර ශ්රීා ලංකාවේ විදෙස් කටයුතු අමාත්යාං ශය මගින් ඒ බව තහවුරුකොට තිබේ.පසුගිය සතියේදී චීන කොමියුනිස්ට් පක්ෂයේද ප්ර්බල පිරිසක් ශ්රීය ලංකාවට පැමිණි අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ සමග එම පිරිස විශේෂ සාක්චඡාවක නිරත වූ බව මාධ්යි විසින් අනාවර්ණය කොට තිබුණි.හදිසියේ චීනයේ එතරම් ප්රවබල කණ්ඩායමක් ශ්රීව ලංකාවට පැමිණීම සම්බන්දයෙන් පක්ෂ විපක්ෂ බොහෝ දෙනා කලබලයට පත්වූ අතර ඇමරිකානු රාජ්ය් මගින්ද යම් යම් ප්රයකාශ ඊට අදාලව සිදු කොට තිබු බව ශ්රීත ලංකාවේ ජනමාධ්යත ඔවුන්ගේ ප්රීධාන ප්රගවෘත්ති සිරස්තලවල වාර්තාකොට තිබුණි. මේ අතර පසුගිදා හදිසියේම ඉන්දියානු කොන්සල් ජනරාල්වරුන් ලංකාවේ හදුනාගත් ප්රෘධාන දිස්ත්රි්ක් හතරක් සදහා පත් කිරීමට ඉන්දියානු රාජ්ය් තීරණය කොට තිබුණු අතර ලංකා රජය විසින් එම පත් කිරීම අනුමත කොට ගැසට් නිවේදනයක් පවා නිකුත් කොට තිබුණි. කෙසේ නමුත් මේ වන විට ශ්රී ලංකාව ඇමරිකානු,චීන හා ඉන්දියානු බල දේශපාලන ව්යා්පෘතියේ උපායමාර්ගික වැදගත් කමින් ඉහල කේන්ද්ර ස්ථානයක් බවට පත්වෙමින් තිබෙන බව ඉතා පැහැදිලිය.මෙම ලිපිය ඒ පිලිබදව කෙරෙන කෙටි විමසුමකි.

ඇමරිකාව ආසියාවේ ආර්ථිකයට පහරදීම (America’s attack on the Asian economy)

ඇමරිකානු ඩොලරය 80 දශකය වනවිට කිසියම් කඩා වැටීමකට ලක්වෙමින් තිබු බව රහසක් නොවේ 1971 තරම් කාලය තුල ආරම්භවන ඩොලරයේ නැගීම ක්රකමයෙන් පිරිහෙමින් යන බව අවබෝධ කරගත් ඇමරිකානු මුල්යම බලධාරීන් ඇමරිකානු ඩොලරය ස්ථාවර කරගැනීම සදහා ආර්ථික න්යාිය පත්ර යක් සකසමින් සිටියේය.ඇමරිකානු ඩොලරය මෙසේ කඩා වැටීමට ප්රීධාන හේතුවක් බවට ලෝක ආර්ථික විද්යා්ඥයින් පෙන්වා දෙන්නේ ඇමරිකාව විසින් වියට්නාමය සමග අනවශ්යහ යුද්ධයක පටලිමයි.එහිදී ඔවුන්ට වැය කිරීමට සිදු වූ මුදල ඩොලර් බිලියන 800කි.1971 අගොස්තු වන විට එක්සත් ජනපදය සතුව රත්රන් ටොන් 8800ක් ශේෂව තිබිණි.1971 අගොස්තු 15 වැනි දින එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන් එක්සත් ජනපද ඩොලරය රත්රවන් අගය හා සම්බන්ධ කිරීම නවතා දමන බවට නිවේදනය කළේය.මේ අනුව අර්බුදයේ තරම අපට තේරුම් ගත හැකිය. 1973 ඔක්තෝබරයේ සිට ඛනිජ තෙල් වෙළෙඳාම එක්සත් ජනපද ඩොලරය හරහා පමණක් කළ යුතු බවට ඇමරිකාව විසින් මැදපෙරදිග රටවලට බලපෑම් කරන්නට විය.

අප බොහෝ දෙනා සිතන්නේ බ්රි තාන්ය අධිරාජ්යි බිදවැටීමත් සමග අධිරාජ්ය ව්යාළප්තිය අවසන් බවයි නමුත් එය වෙනස් මුහුණුවරකින් ඇමරිකානු එක්සත් ජනපදය විසින් ක්රිනයාත්මක කරමින් සිටි.අසුව දශකයේදී ආසියාවේ ජනප්රිරය ආර්ථික සංකල්පය බවට පත් වුයේ ආසියාවේ වයාග්ර යන් සිව් දෙනා සංකල්පයයි මෙය බොහෝ දෙනා සිතන්නේ ඒ රටවල පාලකයන්ගේ දක්ෂතාවය මත සිදු වූ දෙයක් බවයි නමුත් එය එසේ නොවේ එය සම්පුර්ණයෙන් ඇමරිකා ආයෝජන උපාය මාර්ගයක් හරහා සිදු වූ පිපිදීමක් බව ලෝක ආර්ථික විශේඥයින් පෙන්වා දෙයි.ආසියානු රටවල ආර්ථිකය සමෘද්ධිත් වීම ආරම්භ වූ පසුව ඇමෙරිකානුවෝ “අස්වැන්න“ නෙළීමට කාලය පැමිණ ඇති බව තීරණය කරන ලදී.ඔවුන් ඉන් අනතුරුව ආසියානු කලාපයේ කෘතීම දේශපාලන අස්ථාවර බවක් නිර්මාණය කිරීමට තීරණය කරන ලදී.එසේ අර්බුද නිර්මාණය කොට ආසියානු කාලපිය ආයෝජන සදහා ඇමරිකාව ඩොලර් සැපයීම නවතා දැමීමට හෝ අඩු කිරීමට තීරණය කළේය. ඒ මගින් ආසියාවේ බොහෝ රටවල ආර්ථිකය කඩා බිදවැටි කුඩු පට්ටම් විය.ආසියාව ආයෝජන සදහා අවදානම් පරිසරයක් බැවින් එහි ආයෝජනය කර ඇති සමාගම් සදහා එක්සත් ජනපද ෆෙඩරල් මුල්යආ සංචිතය (Federal Reserve System) නිවේදනයක් නිකුත් කරමින් පොලී අනුපාත ඉහළ දමන බව ප්ර කාශ කළ අතර එම ප්රsකාශය ආසියාවේ බොහෝ රටවල ආයෝජනය කරන ලද සමාගම් සිය ප්රාලග්ධනය ඉවත් කර ගැනීම තවදුරත් දිරිගන්වන ලදි. මේ මගින් තද බල ලෙස පහර කැ රටවල් ලෙස තායිවානය ,මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව සහ පිලිපීනය පෙන්වා දිය හැකිය.

ඇමරිකානු ආක්රපමණය හමුවේ ශ්රීප ලංකාවේ ඉරණම

එක්සත් ජනපදය මේ වන විට එහි ආර්ථික උපායමාර්ගික දෙවැනි ඉනිම ආරම්භ කොට ඇති අතර එහි මුලාරම්භය අරාබි වසන්තය ලෙස ඔවුන් විසින්ම නම් කොට තිබුණි. “තමන් කා සමගද යා යුත්තේ කියා ශ්රි ලංකාව මේ මොහොතේ අත්යා වශ්යි දේශපාලන තීන්දුවක් ගතයුතුයි” යනුවෙ පසුගියදා ඇමරිකානු නියෝජ්යර රාජ්යො ලේකම් වරයා විසින් පවසා ඇති බව මාධ්යක වාර්තා කොට තිබේ. ආක්රදමණ කාරී මුල්යි උපායමාර්ග මගින් විශාල ධනස්කන්ධයක් උපයාගත් ඇමෙරිකානුවෝ ඔවුන් ලතින් ඇමෙරිකාවේ සහ මිට පෙර ආසියාවේ ඉහත කි රටවල සිදු කළ දෙයම නැවතත් ආසියාව තුළ ද සිදු කිරීමට සුදානම් වන බවට බරපතල අනතුරු ඇගවීමක් මෙම ප්රදකාශය තුල ගැබ්ව ඇති බව ඉතා පැහැදිලිය.විශේෂයෙන්ම පසුගිය මහමැතිවරණ සමයේ එක්සත් ජනපද තානාපතිවරිය අලයිනා බී. ටෙප්ලිට්ස් ප්ර කාශකර තිබුනේ මහමැතිවරණයට පසුව MCC ගිවිසුම අත්සන් කිරීම එක්සත් ජනපදයේ අරමුණ බවයි . පසුගියදා එරට රාජ්ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්යමම ආසියානු කලාප භාර නියෝජ්යණ සහකාර ලේකම් තොම්ප්සන් විසින් අවධාරනයකර තිබුණේ විදේශ සබඳතාවලදී ලංකාවේ වර්ධනය සඳහා සමීපකර ගන්නේ කවුරුන්ද යන දුෂ්කර තීරණය ගන්නට ලංකාවේ බලධාරින්ට සිදුවන බවයි. මෙය ඉතා බරපතල තත්වයක් බව අප අවධාරණය කර සිටින්නෙමු. මිට අමතරව එක්සත් ජනපදය විසින් ලංකාවේ සිදුකරන මැදිහත්වීම ඉන්දිය සාගර කලාපයේ චීන මැදිහත්වීමට එරෙහිව සිදුකරන තීරණාත්මක සලකුණක් වනු ඇති බව අපගේ නිගමනයයි. මේ මගින් ශ්රීහ ලංකාවේ විදෙස් ප්රුතිපත්තිය විශාල අවුලක් බවට පත්වීම නොවැලැක්විය හැකි වනු ඇත. ශ්රීේ ලංකාව මෙතෙක් පවත්වාගෙන එනු ලැබූ නොබැදි විදෙස් රාජතාන්ත්රිමක ප්ර්තිපත්තිය තව දුරටත් ආරක්ෂා කරගැනීම ශ්රීව ලංකාවේ ආණ්ඩුව මේ මොහොතේ මුහුණ දෙන බරපතල දේශපාලන ප්රරශ්නයකි. එය කළමනාකරණය කරගැනීමට රාජපක්ෂ ආණ්ඩුව කොතරම් දුරට සමත්වේද යන්න රට හමුවේ ඇති අභියෝගයක් වන අතර ආණ්ඩුව ජනතාවට දී ඇති දේශමාමක පොරොන්දු හා විදෙස් ප්රටතිපත්ති අතර ගැටුමක් ඇති නොවීමට වගබලා ගැනීමද මේ මොහොතේ ආණ්ඩුව මුහුණ දෙන තවත් අභියෝගයකි.

කිර්ති බණ්ඩාර විජයභාහු

The post ඇමරිකානු අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවේ හෙට දවස appeared first on Colombo Today.

Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka