කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කරයි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ එම පුද්ගලයා නයිජිරියාවේ සංචාරය කර මෙරටට පැමිණි අයෙකු බවයි.
ගුවන්තොටුපොළේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයක ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී මේ තත්ත්වය අනාවරණය වූ බවට වාර්තා වෙයි.
මෙම ප්‍රභේදය මුලින්ම සොයා ගැනුණේ දකුණු අප්‍රිකාවෙනි.
වෛරසය ඉතා වේගයෙන් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පැවසු අතර මේ වනවිට රටවල් 24කටද ව්‍යාප්ත වී තිබේ.
Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka