.වී තොග සහ සහල් තොග සම්බන්ධයෙන් සකස් කල වාර්තාවක් අද (06) දිනයේ ජනාධිපතිවරයාට භාර දෙන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය.
ඒ දිස්ත්‍රික්ක 04 සිදුකර සමීක්ෂණ වලින් ලබාගත් දත්ත මත පදනම්වයි.
අනුරාධපුර ,පොළොන්නරුව හා අම්පාර ඇතුළු දිස්ත්‍රික් 04ක එම සමීක්ෂණ කටයුතු සිදුකර තිබේ.
දැනට දිස්ත්‍රික් මට්ටමින් සිදුකර ඇති සමීක්ෂණ තොරතුරු වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමුකර තිබේ.
තවත් දිස්ත්‍රික් 10ක මෝල් හිමියන් සතුව පවතින වී සහ සහල් තොග සම්බන්ධයෙන් සමීක්ෂණ ක්‍රියාත්මක බව සභාපතිවරයා පැවසීය.
හඳුනාගත් සෙසු දිස්ත්‍රික්ක වල වී සහ සහල් තොග පිළිබඳව විමර්ශනය කර වාර්තාව දෙන ලෙස අමාත්‍යාංශය දුන් උපදෙස් මත මෙම සමීක්ෂණය ක්‍රියාත්මක බව සභාපතිවරයා පැවසීය.
The post වී තොග පිලිබඳ වාර්තාව ජනපති අතට හාල් හිඟය නිමවෙන ලකුණු appeared first on Colombo Today.
Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka