ශ්‍රී ලංකාවෙි ව්‍යාපාර ගොඩ නැගීම සඳහා කැපවී ක්‍රියා කරන බව ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත පිරිසේ (AHK Sri Lanka) ප්‍රධාන නියෝජිතවරිය වන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් (Marie Antonia von Schönburg) මෙනවිය දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවේ පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ ඇති ආයෝජන අවස්ථා සහ දෙරටට එක්ව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව ද එම සාකච්ඡාවෙිදී අවධානය යොමු කර ඇත.
ලංකාවේ ඇති ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරටට එක්ව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව ද එහිදී අවධානය යොමු කෙරුණු බව රුවන් විජයවර්ධන මහතා පවසයි.
AHK Sri Lanka ආයතනික කටයුතු සහ අපනයන ප්‍රවර්ධන ප්‍රධානී Malintha Gajanayake මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාව පැවැත්විණි.
The post ලංකාවෙි ව්‍යාපාර ගොඩනැගීම ගැන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් ගෙන් සහතිකයක් appeared first on Colombo Today.
Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka