ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ස්ටිකර් අලවා ඇති ත්‍රී රෝද රථවල හිමිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරන මධ්‍යස්ථානය දන්වා ඇත.
ඒ කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති ප්රචාරක වැඩසටහන් සම්බන්ධයෙන් ලද පැමිණිල්ල අනුවයි.
මැතිවරණ නීති රෙගුලාසි අනුව ඡුන්ද විමසීමට අදාළ කොඩි හෝ ස්ටිකර වැනි ප්රචාරක දැන්වීම් ඇලවිය හැක්කේ අපේක්ෂකයා ගමන් ගන්නා වාහනයේ පමණි.
ඒ හැර වෙනත් කිසිදු වාහනයක මෙම ප්රචාරක දෙන්නම් ඇලවීමේ හැකියාවක් නැත.
The post රනිල්ගේ ස්ටිකරය ඇලවූ ත්‍රීරෝද රථ හිමියන් අත්අඩංගුවට..? appeared first on Colombo Today.
Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka