මියගිය සිය මවගේ මළ සිරුර මමියක් ලෙස වසර 13ක කාලයක් නිවසේ තබාගෙන සිටි පුද්ගලයෙකු පෝලන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගේ ඥාතියෙකු විසින් එම නිවසට පැමිණි අවස්ථාවක දී එම මළ සිරුර දැක මේ සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරුව පෝලන්ත ආරක්ෂක අංශ විසින් එම මළ සිරුර සොයාගෙන ඇති අතර පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව 2010 වසරේ දී මියගිය ඔහුගේ මව භූමදානය කළ ස්ථානයේ සිදු කළ සෝදිසීයක දී මළ සිරුර එම ස්ථානයේ නොමැති බවට නිරීක්ෂණය වී ඇත.
අදාළ පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන අයෙකු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
The post මියගිය මවගේ මළ සිරුර වසර 13ක් ළඟ තබාගත් පුතු අත්අඩංගුවට appeared first on Colombo Today.
Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka