බන්ධනාගාර නිලධාරින් විසින් 2021.09.01 දින රාත්‍රි 07.00 ට පමණ සිදුකල හදිසි සෝදිසි කිරීමකදී මැගසින් බන්ධනාගාරයේ E විශේෂ අංශයේ රදවා සිටි රිෂාඩ් බදුර්දීන්ගේ සිරකුටිය තුල තිබී ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගන්නා ලදි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥාපනතට අනුව සැකකරු වෙත චෝදනා නගා බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයෙහි ගරු මහේස්ත්රාත්තුමා හමුවට අද (13) දින Skype තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කල අවස්ථාවේ සැකකරු එම චෝදනාවට නිවැරදිකරු යැයි පවසා ඇති අත. නැවතත් එම නඩුව සඳහා 2021.10.24 වන දින රිෂාඩ් බදුර්දීන් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කර සිටියි.
Source From colombotoday
Author: colombotoday.com
#SriLanka #News #lka