නිධානයක් ගොඩ ගැනීමේ අරමුණින් තම ගෙවත්තේ අනවසරයෙන් කැණීම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවකු අනවසරයෙන් කැණීමක් කළ බවට වන චෝදනාවට පමණක් වරද පිළිගැනීම නිසා කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න ඔහුට මුදලින් රුපියල් හැට දහසක දඩයක් නියම කළේය.
මෙසේ දඩ නියම වූයේ කුරුණෑගල පන්ලියද්ද පදිංචිකරුවකුටය.
සැකකරු විසින් කැණීම් කර ඇති සින්නක්කර ඔප්පු සහිත ඔහුගේ ඉඩමේ අදාළ භූමිය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වූයේ අදාළ භූමියේ කැණීමක් කර ඇති බවත් එම භූමිය පුරාවිද්‍යා භූමියක් නොවන බවත්ය.
එහෙත් අදාළ භූමිය කැණීම් කරන්නට ඇත්තේ නිධානයක් ගොඩ ගැනීමේ අරමුණින් විය හැකි බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.
සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ පැවැසුවේ රජයේ සහ ජාතියේ පිනට නිදන් පහළ වන බවත් එවැනි නිධානයක් රජයේ නිලධාරීන්ගේද මැදිහත්වීමෙන් මේ දිනවල වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේදී ගොඩ ගනිමින් තිබෙන බව රජයේ ප්‍රබල අමාත්‍යවරයකු වන සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළ බවයි.
තමාගේ වාසනාවට හෝ පිනට තම ගෙවත්තට ද නිධානයක් පහළ වන්නට ඇති බවට තම සේවාදායකයාද සිතන්නට ඇති බවත් එලෙස සිතා තම සේවාදායකයා ද ගෙවත්තේ කැණීම් කරන්නට ඇති බවත් අවධාරණය කළ නීතිඥ කීර්ති දුනුසිංහ මෙම නීති දැඩිව බලපෑවේ 1998 වකවානුවේ බවත් මේවා දැන් දැන් සරල සිද්ධීන් බවත් පවසා සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් මැල්සිරිපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ පෙනී සිටියේය.
උපාලි ආනන්ද – අනුරාධපුර
අරුණ
The post පිනට නිධන් පහල වන බව ඇමතිවරයෙක් කියූ නිසා මැල්සිරිපුරත් නිධන් කැනීමක් appeared first on Colombo Today.
Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka