දරුවන් තිදෙනා පොලිසියට භාර දි මවක් දුම්රියට පනින්න හදයි

තම දරුවන් දෙදෙනා හැටන් පොලිසියේ කාන්තා කාර්යංශය වෙත භාර දි දුම්රියට පැන සියදිවි හානි කර ගැනිමට උත්සහ කල තිදරු මව පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමට හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ නිලධාරින් (09) දින කටයුතු කර ඇත.

හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි තිදරු මව (09) දින පස්වරු හැටන් පොලිසිය වෙත පැමිණ තම සැමියා සමග ජිවත් විමට නොහැකි බවත්, ඒ අනුව වයස අවු 08,06,04 වයස් වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු ඇතුළු දරුවන් තිදෙනා පොලිස් භාරයට ගන්නා ලෙස පවසා දරුවන් තිදෙනා පොලිසියේ රදවා පසුව ඇය දුම්රිය ස්ථානය වෙත ගමන් කිරිමට උත්සහ කිරිමේදි කාන්තා පොලිස් නිලධාරින් තිදරු මව පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහල වෙත භාර දි දරුවන් තිදෙනා පියා වෙත භාර දි තිබේ.

The post දරුවන් තිදෙනා පොලිසියට භාර දි මවක් දුම්රියට පනින්න හදයි appeared first on Colombo Today.

Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka