ජාතික ජනබලවේගයේ විරෝධතාවයකට ගිය පී.සී ගේ වැඩ තහනම්

ජල, විදුලි බිල් වැඩි කිරීමට එරෙහිව අම්පාර ගොනාගොල්ල හන්දියේ පැවති ජාතික ජනබලවේගයේ විරෝධතාවයකට එක්ව සිටී පොලිස් කොස්තාපල්වරයකු වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙලෙස වැඩ තහනමට ලක්කර ඇත්තේ අම්පාර වෙල්ලාවේලි පොලිසියට අනුක්ත ව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලිසිය කියයි.

මොහු රාජකාරි විවේකය වාර්තා කර, කිසිදු පිටවීමේ සටහනක් නොදා සිවිල් ඇඳුමෙන් සැරසී ඉකුත් 26 දින ගොනාගොල්ල හන්දියේ දී, රජයට එරෙහිව පැවති මෙම විරෝධතාවයට එක්ව සිටීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විමර්ශනයක් පවත්වා ඊයේ (5)දිනයේ සිට මෙම වැඩ තහනම සිදුකර ඇත.

The post ජාතික ජනබලවේගයේ විරෝධතාවයකට ගිය පී.සී ගේ වැඩ තහනම් appeared first on Colombo Today.

Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka