ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ඉල්ලීම පරිදි, Uber සහ ශ්‍රී ලංකා රතුකුරුස සමාජය අතර පවතින හවුල්කාරීත්වයේ තවත් පියවරක් වශයෙන්, පෙරටුගාමී සෞඛ්‍ය සේවකයන්, ජේෂ්‍යට පුරවැසියන්, සහ අවදානමට මුහුණ දී සිටින ප්‍රජාවන්ට අයත් ජනතාව ඇතුළු කාණ්ඩ සඳහා, මේ ආකාරයට නොමිලේ ගමන් වාර ලබාදීමට කටයුතු යොදා තිබේ. මෙය එන්නත්කරණ උත්සාහයන් සාර්ථක කරගැනීමට අත්වැලක් වීම සඳහා ලොව පුරා ගමන් වාර මිලියන 10ක් නොමිලයේ හෝ වට්ටම් යටතේ ලබාදීම අරමුණු කරගෙන Uber ක්‍රියාත්මක කර ඇති ප්‍රජා සත්කාරයේ එක් පියවරක් වේ.
“පෙරටුගාමී සෞඛ්‍ය සේවකයින් සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමේ සාර්ථක ඒකාබද්ධ වැඩසටහනකින් පසු යළිත් වරක් Uber Sri Lanka සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එක්ව, එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත යාමේදී, යම් දුෂ්කරතාවන්ට මුහුණ දෙන පුද්ගලයන්ට නොමිලේ ගමන් වාර 50,000ක් ලබාදීමට පියවර ගෙන තිබීම සතුටට කරුණක්. අවශ්‍යම මොහොතක ක්‍රියාත්මක කළ මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් මා දෙපාර්ශ්වයටම ස්තූතිවන්ත වනවා.” ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස අදහස් දැක්වීය.
“රටේ සෑම පුරවැසියෙකුටම එන්නත ලබා දීම සඳහා ශ්‍රී ලංකාව වෙහෙස නොබලා දරන උත්සාහයට සහයෝගය දැක්වීමට හැකිවීම අප ලද ගෞරවයක් ලෙස අප සලකනවා. ආරක්ෂාව යනු Uber කවදත් ප්‍රමුඛතාව ලබාදුන් දෙයක්. අපගේ සේවාවන් ක්‍රියාත්මක වන නගර වල බලධාරීන්ට, COVID-19 රෝගයට එරෙහිව සටන සාර්ථක කරගැනීමට සහය දැක්වීමට අප කැපවී කටයුතු කරනවා. මහා පරිමාණයෙන් එන්නත්කරණය සිදුකිරීම මෙම වසංගත රෝග තත්ත්වයෙන් ගැලවීමට ඇති හොඳම ක්‍රමවේදය බව අපගේ අවංක විශ්වාසයයි. එහිදී එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණෙන ජනතාවට නොපමාව, සුරක්ෂිත ගමනාගමන පහසුකම් ලබාදීම කෙරෙහි අපගේ මූලික අවධානය යොමුවී තිබෙනවා. මෙය ජනතාවට මේ වසංගත රෝග තත්ත්වයෙන් ඉක්මනින් මිදී, නැවතත් තම ජීවිත ගොඩනංවා ගැනීමට මහඟු අත්වැලක් වේවි.” Uber, South Asia සභාපති, ප්‍රබ්ජීත් සිං මහතා මෙලෙස අදහස් දැක්වීය.
නොමිලේ ගමන් පහසුකම් ලබාගන්නා ආකාරය:
- ඔබගේ Uber app එක තුල වම්පස ඉහළ ඇති menu එක tap කර ‘Wallet’ විකල්පය තෝරන්න.
- එහි පහළ ඇති ‘Add Promo Code’ තෝරාගෙන promo code ලෙස SL10M21V යොදන්න.
- ළඟම පිහිටි රජයේ හෝ පෞද්ගලික රෝහලක පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානය තෝරාගෙන, එම ස්ථානය සඳහා යාමට හා ඒමට ගමන් වාරයක් තෝරාගන්න.
- අදාළ ගමන් වාරයේ home screen එක වෙත ගොස්, ඔබ හෝ ඔබේ ගමන් වාරය වෙන්කර දෙනු ලබන පුද්ගලයා රථයට නංවා ගත යුතු ස්ථානය සහ රැගෙන යා යුතු ස්ථානය ඇතුළත් කරන්න.
- ගමන් වාරය තහවුරු කරන්න.
- නොමිලේ ලබාදෙන එක් ගමන් වාරයක උපරිම වටිනාකම රු. 200ක් වන අතර, මෙම දීමනාව ළඟම පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගමන් වාර 2 කට සීමා වේ.
- ගමන් වාරය තහවුරු කිරීමට පෙර දිස්වන සම්පූර්ණ ගාස්තුවට අදාළ වට්ටම ඇතුළත් වනු ඇත.
ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන මේ වනවිට වේගයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, මෙම වැඩසටහන මගින් මේ දුෂ්කර කාලසීමාවේදී Uber රියදුරන්ට ආදායම් ඉපයීමේ අවස්ථාවන්ද වැඩි වනු නිසැකය.
මෙම වසර ආරම්භයේදී, රජයේ එන්නත්කරණ වැඩසටහනට අත්වැලක් වෙමින්, තම ජනප්‍රිය ත්‍රිරෝද රථ සේවාව හරහා, කොළඹ නගරයේ එන්නත්කරණ මධ්‍යස්ථාන 13ක් වෙත පැමිණෙන පුද්ගලයන් සඳහා වට්ටම් ලබාදීමටද Uber කටයුතු කළේය. මීට අමතරව COVID-19 රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්වී දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නංවන ලදි.
The post Uber වෙතින් ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන සාර්ථක කරගැනීමට නොමිලේ ගමන් වාර 50,000ක් appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka