රබෝබෑන්ක් ආයතනය සමස්ත වත්කම් වටිනාකම අතින් නෙදර්ලන්තයේ දෙවන විශාලතම බැංකුව වන අතර ඔවුන්ගේ විශේෂත්වය වන්නේ ආහාර සහ කෘෂි ව්‍යාපාර ක්ෂේත්රයේ විවිධ පාර්ශවකරුවන් සංවිධානගත කිරීම හරහා එම ක්ෂේත්රය සංවර්ධනය කිරීම කෙරෙහි දක්වන ප්‍රවීණතාවයයි. SDB බැංකුව සහ රබෝබෑන්ක් ආයතනය අතර සහයෝගීතාවය යටතේ රබෝබෑන්ක් ආයතනය සතු සබඳතා ජාලයන්, ඩිජිටල් විසඳුම්, මුල්‍ය විසඳුම්, ග්‍රාමීය සංවර්ධන ආයෝජන ක්‍රම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ක්‍රම සහ කෘෂිකාර්මික සංවර්ධනය සම්බන්ධ දැනුම SDB බැංකුවට ලබා දෙන අතර ශ්‍රී ලංකාව තුළ කෘෂි ව්‍යාපාරය සංවර්ධනය සම්බන්ධයෙන් වන අභියෝගයන් ජයගැනීම සඳහා එය SDB බැංකුවට ඉතා වැදගත් වනු ඇත.
ඓතිහාසික වශයෙන් ශ්‍රී ලංකාව කෘෂිකාර්මික ආර්ථිකයක් තිබූ රටක් වුවද වර්තමානයේදී මෙරට ආහාර සහ කෘෂිකාර්මික වෙළඳපොල සංවර්ධනය අතින් තවත් බොහෝ දුරක් යා යුතු තත්ත්වයක පසු වෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංවර්ධන බැංකුවක් වන SDB බැංකුව කෘෂිකාර්මික අංශයේ ප්‍රගතිය වෙනුවෙන් දීර්ඝ කාලයක් පුරා කැපවීමෙන් කටයුතු කරන අතර රබෝබෑන්ක් ආයතනය සමඟ ආරම්භ කෙරුණු නව සබඳතාවය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇත.
එමෙන්ම මෙම සහයෝගීතාවය දේශීය ප්රවීණත්වයෙහි සහ ජාත්‍යන්තර දැනුමෙහි සුසංයෝගය හරහා තිරසාර සංවර්ධනය, මූල්‍ය අන්තර්ග්‍රහණය, නව්‍යකරණය ප්‍රවර්ධනය කරමින් දේශීය ආර්ථිකය නැංවීම සම්බන්ධයෙන්ද හොඳ උදාහරණයක් වනු ඇත.
SDB බැංකුවේ සහ රබෝබෑන්ක් (Rabobank) ආයතනයේ නියෝජිත කණ්ඩායම් ක්ෂේත්‍ර චාරිකාවන්හි නියැලෙමින්
ඡායාරූප විස්තරය : SDB බැංකුවේ සහ රබෝබෑන්ක් (Rabobank) ආයතනයේ නියෝජිතයින්.
The post SDB බැංකුව සහ නෙදර්ලන්ත Rabobank ආයතනය ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාර සංවර්ධනය සඳහා අත්වැල් බැඳ ගනී appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Bizweb2 Bizweb2
#SriLanka #News #lka