NDB බැංකුවේ අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බැංකුවේ ඉහළ කළමනාකාරීත්ව සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩසටහන Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන ලදී. එයට සම්බන්ධ වූ පිරිසගේ ගැටළු පැහැදිලි කිරීමේ අරමුණින් ප්‍රශ්ණ සහ පිළිතුරු සැසියකින් සමන්විත විය. මෙහිදී ප්‍රධාන විධායක නිලධාරීතුමා විසින් 2024 පළමු කාර්තුවෙහි කාර්ය සාධනය පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් ද සිදු කරනු ලැබිණි.
NDB බැංකුවේ ආයෝජක සබඳතා කණ්ඩායම (Investor Relations Team) විසින් කරන ලද මෙම වැඩසටහන, මූල්‍ය විශ්ලේෂකයින්, කොටස් තැරව්කරුවන් සහ මූල්‍ය කළමනාකරුවන් ඇතුළු විවිධ වූ ප්‍රෙක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සමත් විය. ආයෝජක සන්නිවේදනයේ විනිවිදභාවය සහ වගවීම සඳහා වන සිය කැපවීම ඉස්මතු කරමින් NDB බැංකුව 2014 වසරේ සිට අඛණ්ඩව මෙම කාර්තුමය ඔන්ලයින් සමුළු (Webinar) සංවිධානය කරනු ලබයි. මෙහි ඡායාරූපය සහ පසුබිම් වීඩියෝ පට NDB බැංකුවේ නිල වෙබ් අඩවියෙන් නැරඹිය හැක.
ගනුදෙනුකරුවන් හා අයෝජකයින් තුල විශ්වාසය හා විනිවිදභාවය තහවුරු කරමින් පැවැත්වූ මෙම ආයෝජක සහ විශ්ලේෂණ හමුව, NDB බැංකුවේ මූල්‍යමය කාර්ය සාධනය, උපායමාර්ගික මුලපිරීම් සහ සිය අනාගත අපේක්ෂාවන් සඳහා, සියල්ලටම වටිනා අවබෝධයක් ලබාදුන් අතර අරමුදල් පිරිවැය ප්රශස්ත කිරීම, බැංකු ගනුදෙනු සහ ගාස්තු මත පදනම් වූ ආදායම ඉහළ නැංවීම යන ප්‍රධාන උපායමාර්ගික අවශ්‍යතාවන් තුනක් කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරිතුමන් විසින් බැංකුවෙහි ඉදිරි ගමන පිළිබඳ අදහස් දක්වන ලදී.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ සිවුවන විශාලතම ලැයිස්තු ගත පෞද්ගලික වාණිජ බැංකුව වේ. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ ෑමරදපදබැහ සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර ්ිස්බ ඊ්බනසබට සහ ත්‍සබ්බජැ ඵ්ට්‘සබැ :ීසබට්චදරු) 2024 සම්මාන උළෙල මඟින් වසරේ දේශීය සිල්ලර බැංකුව – ශ්‍රී ලංකා සහ වසරේ දේශීය මූල්‍ය ව්‍යාපෘති බැංකුව ලෙසද NDB බැංකුව සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොල තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප්‍රාග්ධන වෙළඳපොල ආශ්රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත පෞද්ගලික වාණිජ බැංකුව වේ. Asian Banking & finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ්‍රී ලංකා ප්රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී. ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මඟින් සංවිධානය කල වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන්වල දී NDB බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත්රවිය. මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place to Work විසින් NDB බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොළ තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප්‍රාග්ධන වෙළඳපොළ ආශ්රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.
ඡායාරූප විස්තරය – (පින්තූරය වමෙ සිට දකුණට ) බිමල් පෙරේරා – උප සභාපති – උපාය මාර්ග සහ ව්‍යාපාර බුද්ධි, කේ.වී විනෝජ් – නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී, කැලූම් එදිරිසිංහ – අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී, හසිත අතපත්තු – උප සභාපති – මුදල්, සංජය පෙරේරා – ජෙෂ්ඨ උප සභාපති – පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික අත්දැකීම්, නිරාන් මහාවත්ත – උප සභාපති – භාණ්ඩාග
The post NDB බැංකුව 2024 වර්ෂයේ පළමු අර්ධයේ සිය ප්‍රතිඵල සමඟින් ආයෝජකයින් සහ විශ්ලේෂකයින් හමුවට appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Bizweb2 Bizweb2
#SriLanka #News #lka