මෙම සතියේ මොරාක්කෝවේ පැවැත්වෙන ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික හමුවෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ශ්‍රී ලංකාව සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමට ආසන්න බව මූලාශ්‍ර කිහිපයක් විසින් අනාවරණය කර ඇති බව එහි සඳහන් වේ.
මේ සතියේ මොරොක්කෝවේ IMF – ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වලදී පැරිස් සමාජයේ සහ අනෙකුත් ණය දෙන්නන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ද පැවැත්වීමට නියමිතය. එහිදී නිල ණය හිමියන්ගේ කමිටුව මේ සතියේ ශ්‍රී ලංකාව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ඉලක්ක කර ඇති නමුත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.
මොරාක්කෝවේ පැවැත්වෙන ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික හමුව පසුගිය ඔක්තෝබර් 09 වන දා ආරම්භ වූ අතර එහි එක් එක් ඉසව් ඔක්තෝබර් 15 දක්වා පැවැත්වෙනු ඇත.
The post IMF සමඟ එකඟතාවක් අද හෙටම. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka