IMF දූත පිරිසක් කොළඹට

ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් මෙම වසර අවසානයේ දී පැවැත්වීමට නියමිත පළමු සමාලෝචන මෙහෙයුම් වාරයට පෙර පැවැත්වෙන උපදේශන සැසිවාරයන් හි එකක් ලෙසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ දූත පිරිසක් මැයි 11 – 23 කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

මෙම සංචාරය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් මහතා මැයි 12 – 15 දිනවල සම්බන්ධ වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් නිවේදනය කර සිටී.

මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත සර්වට් ජහාන් යන මහත්වරු ද එක්වීමට නියමිතය.

මෙම දූත පිරිසේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් එළඹෙන සඳුදා (15) පැවැත්වීමට කටයුතු යොදා ඇත.

The post IMF දූත පිරිසක් කොළඹට appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka