Culinary Champions 2024 යනු ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන සේවා (LECS) ආයතනය, මහනුවර හෝටල් හිමියන්ගේ සංගමය, සංස්කෘතික හෝටල් හිමියන්ගේ සංගමය සහ නුවරඑළිය හෝටල් හිමියන්ගේ සංගමය සමඟ එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්රයේ සුවිශේෂී කඩඉමක් සලකුණු කළ වැඩසටහනකි.
සූපවේදීන්, කෝකියන්, පේස්ට්‍රි කෝකියන් සහ ආධුනිකයින්ගේ සූපශාස්ත්‍ර විශිෂ්ටත්වය, කුසලතා සහ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කර දීම මෙම තරඟාවලියේ පරමාර්ථය වූ අතර, සහභාගි වූ පිරිස පාන් සහ පේස්ට්‍රි ඇතුළු විවිධ කාණ්ඩ කිහිපයක් යටතේ තරඟ සඳහා ඉදිරිපත් වී සිටියහ.
එමෙන්ම මේ සඳහා මහනුවර, සංස්කෘතික ත්‍රිකෝණය සහ නුවරඑළිය ප්‍රදේශවලින් හෝටල්, ආපනශාලා සහ කැෆේ කර්මාන්තයේ (HORECA) නියුතු වෘත්තිකයන් 300කට අධික පිරිසක් තරඟයට සහභාගී විය. ක්ෂේත්රයේ වෘත්තිකයන්ට මනා ප්‍රචාරණයක් ලබා දීමට සහ කර්මාන්තයේ සමකාලීනයන් සමඟ සම්බන්ධ වීමට මෙම තරඟය හොඳ අවස්ථාවක් ඔවුන්ට ලබා දුන්නේය.
විශිෂ්ට ගුණාත්මක බවින් සහ නැවුම් බවින් යුත් නිෂ්පාදන පෙළක් තිළිණ කරමින්, ජාතිය පෝෂණය කිරීමට නිරන්තරයෙන් කැපවන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සමාගම ලබා දුන් මෙම අනුග්‍රාහකත්වය, ක්ෂේත්රය තුළ ඔවුන්ගේ කැපවීම මැනවින් පෙන්නුම් කළ අවස්ථාවක් ද විය. සමාගමේ වටිනාකම් නැවත අවධාරණය කරන්නට මෙන්ම රටේ සත්කාරක ක්ෂේත්රයේ ප්රමිතීන් ඉහළ නංවන්නටත්, සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් හි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු පිටි නිෂ්පාදන පෙළ ප්‍රදර්ශනය කරන්නටත් Culinary Champions 2024 තරඟාවලිය හරහා සුවිශේෂී අවස්ථාවක් උදා විය.
මේ සඳහා අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත් වූ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් යනු UAE ඩුබායි හි Al Ghurair Investments හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන අතර, එය සූපශාස්ත්‍ර ක්ෂේත්රයේ උද්යෝගිමත් ගමනකට සාඩම්බරයෙන් යුතුව දායකත්වය ලබා දෙමින් සූපශාස්ත්‍ර විශිෂ්ටයන් අගයන්ට දායක වීම පිළිබඳ සමාගම ඉතා සතුටින් යුතුව සමරනු ලබයි.
The post Culinary Championship 2024 සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් අනුග්‍රාහකත්වයෙන් appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Bizweb2 Bizweb2
#SriLanka #News #lka