එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 137.86 ක වාර්තාගත ඉහළයාමක් සනිටුහන් කළ අතර අද දින ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 11,992.91 ක් ලෙසින් සටහන් විය. දිනයේ ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාව ද අභිබවා ගිය අවස්ථා කිහිපයක් ද වාර්තා විය.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 67.51 කින් අද දින ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 3,520.92 ක් ලෙසින් සටහන් වුණි.
අද දින රු. බිලියන 3.52 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය. එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.46 ක් ලෙසත් දේශීය විකිණුම් රු. බිලියන 2.95 ක් ලෙසත් සටහන්ව තිබූ අතර අද දින විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 66 ක් තරම් පහළ අගයක් විය. රු. මිලියන 569ක විදේශීය විකිණුම් අද දින වාර්තා වී තිබුණි.
සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට සමාගම් 119කින් ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණු අතර එහිදී හැටන් නැෂනල් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, DFCC බැංකුව සහ සම්පත් බැංකුව පෙරමුණේ විය.
The post සියලු කොටස් දොළොස් දහස ආසන්නයේ appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka