ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය සීත සෘතු ගුවන් ගමනාන්තයක් ලෙස ශ්‍රි ලංකාවද තෝරා ගනී
ස්විට්සර්ලන්තයේ ” ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවයේ (Swiss International Air Line ) ප්‍රථම මංගල ගුවන් යානය 11/05 දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා විය .
ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට මෙම ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.- 64 දරන ගුවන් යානය 11/05 දින උදෑසන 07.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. මෙම ගුවන් යානයෙන් විදේශීය සංචාරකයන් 96 දෙනෙකු සහ ගුවන් නියමුවා ඇතුළු කාර්යය මණ්ඩලය 12 දෙනෙකු ද පැමිණ සිටියහ .
මෙම ගුවන් සේවය මීට පෙර කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වූ 2019 වසර තෙක් සිය ගුවන් ගමන් සේවා පවත්වා ගෙන ගොස් තිබුණි .ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය 11/05 සිට සතියකට එක් වරක් , එනම් සෑම සිකුරාදා දිනයකම සුරීච් සහ කටුනායක ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතය .
සමාරම්භක ගුවන් යානය පිළිගැනීමේ අවස්ථාවට ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක සහ මෙරට ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් ( Dominic Fergler ) යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා
කොළඹට -සූරිච් අතර ශීත සෘතු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම දෙරට අතර වෙළෙඳ, ආයෝජන, මූල්‍ය, අධ්‍යාපනික සහ සංස්කෘතික ක්ෂේත්රවල වර්ධනයක් මෙන්ම සහයෝගීතාවද ශක්තිමත් කරන බව පැවසීය. පවතින ගෝලීය වසංගතය හමුවේ වඩාත් ඉක්මනින්ම යථා තත්ත්වයට පත්විය හැකි කේෂ්ත්‍රය ලෙස සංචාරක ව්‍යාපාරය හදුනාගෙන ඇති බවත්, ඒ සදහා වැඩි දායකත්වයක් දක්වන බවද හෙතෙම පැවසීය.
මෙරට සියළු ගුවන් තොටුපළ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වේ. මෙම ප්රමිතීන් තව දුරටත් පවත්වාගෙන යමින් ලොව හොදම ගුවන් තොටුපල අතර ශ්‍රී ලංකා නාමය පවත්වාගෙන යාම අරමුණ බවද චාකක මහතා පැවසීය. නවීන තාක්ෂණය මුසු කරමින්මේ වනවිටත් ගුවන් තොටුපල ඩිජිටල්කරණයට ලක් කර ඇත. බාධාවකින් තොරව ගුවන් මගීන්ට පහසු හා කඩිනම් සේවාවක් ලබා දීමට මේ වනවිටත් කටයුතු කර ඇතැයිද ඔහු පවසයි..
මෙම අවස්ථාවට , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික ෂෙහාන් සුමනසේකර , ගුවන් සංතරණ සේවා ප්‍රධානී නිශාන් අබේවර්ධන , යුනයිටඩ් වෙන්චර් සමාගමේ සභාපති සහ ක්‍රියාකාරී අධ්යක්ෂ ප්‍රවීන් දසනායක යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ .
The post ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය ශ්‍රී ලංකාවට පැමිණෙයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka