සල්ලි අච්චු ගැසූ කතාව පදනම් විරහිතයි – මහ බැංකුව අවධාරණය කරයි

විවට වෙළෙඳපොළ කටයුතු හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රු. බිලියන 100ක් අච්චු ගැසූ බවට මෑත කාලයේ වාර්තා පළ වී ඇති අතර, මෙම වාර්තා පදනම් විරහිත ඒවා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ, මහ බැංකුව විවට වෙළෙඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහ බැංකු කටයුත්තක් බවයි. විවට වෙළෙඳපොළ කටයුතු සිදුකරනු ලබන්නේ පොලී අනුපාතිකය කළමනාකරණය කිරීම හරහා මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා වන අතර, එය හුදු මුදල් අච්චු ගැසීමක් ලෙස ලඝු කොට දැක්විය නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

The post සල්ලි අච්චු ගැසූ කතාව පදනම් විරහිතයි – මහ බැංකුව අවධාරණය කරයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka