සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2019දී ඇරැඹූ අතර සණස රක්ෂණ සමාගමට වසර 30කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් ඇත. 2023 පළමු කාර්තුවේදී සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 53%ක වාර්තාගත වර්ධනයක් සනිටුහන් කරමින් ක්ෂේත්රයේ වැඩිම වර්ධන වේගය සහිත රක්ෂණ සමාගම බවට පත් විය. සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ඉතා කෙටි කාලයකින් රක්ෂණ ක්ෂේත්රයේ නැගී එන සන්නාමයක් බවට පත් වීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ සමාගම හඳුන්වා දුන් රක්ෂණ සැළැසුම් හා පාරිභෝගිකයන්ට සැපැයූ විශිෂ්ට සේවයයි. රටේ ප්රමුඛ හා විශ්වාසවන්ත රක්ෂණ සන්නාමයක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සෑම විටම සිය පාරිභෝගිකයන්ට ගුණාත්මක භාවයෙන් ඉහළ සේවාවක් සපයන අතර පාරිභෝගිකයන්ගේ සේවා අවශ්‍යතා බාධාවකින් තොරව පහසුවෙන් ඉටු කර ගැනීම සඳහා නිරන්තර කැපවීමෙන් කටයුතු කරයි. “සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය ඉතිහාසයේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 78 වැනි ශාකාව පිළියන්දල නගරයේදී විවෘත කළා. වර්තමානයේදී සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සාමාන්‍ය රක්ෂණ වෙළෙඳපොළේ 1%ක වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියනවා. ඉදිරියේදී එම වෙළෙඳපොළ කොටස තව දුරටත් වර්ධනය කිරීමේ අරමුණින් අපගේ ශාකා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී වත්තල සහ කිරිබත්ගොඩ යන නගරවල නව ශාකා දෙකක් පිහිටු වීමට අපේක්ෂා කරනවා.” සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වසන්ත පෙරේරා මහතා පැවසීය.
The post සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ නවතම ශාඛාව පිළියන්දල දී විවෘත වේ appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka