සංචාරක පැමිණීම තුන්ලක්ෂය පනී

2023 මාර්තු මාසයේ මුල් දින 26 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 105,714 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අනාවරණය කර සිටී.

මේ අනුව 2023 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් ගණන 315,898 ක් වේ.

මාර්තු මාසයේ පැමිණි සංචාරකයින්ගෙන් 21% ක්, එනම් 22,038 ක් රුසියානුවන් වන අතර 15%ක් (15,695 ක්) ඉන්දියානුවන් වේ.

2023 ජනවාරි මාසයේ දී සංචාරකයින් 102,545 ක් හා පෙබරවාරි ‌මාසයේ දී සංචාරකයින් 107,639 මෙරටට පැමිණ තිබුණි.

 

The post සංචාරක පැමිණීම තුන්ලක්ෂය පනී appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka