සංචාරකයින් ලක්ෂ 16ක් දිවයිනට. ආරුගම්බේ සිද්ධිය නිසා සංචාරක පැමිණීමට බලපෑමක් නැහැ. දත්ත වාර්තා පෙන්වා දෙයි

2024 ඔක්තෝබර් මාසයේ මුල් දින 27 තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 117,141 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මේ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,601,949 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය ඔක්තෝබර් 23 වැනිදා එක්සත් ජනපදය විසින් සිය පුරවැසියන්ට සංචාරක උපදේශනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීමක් සිදුකළේය. ඒ මෙරට ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ආරුගම්බේ ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බව පවසමිනි. මේ සමඟම කතාබහක් ඇතිවූයේ අදාළ සිදුවීම හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑමක් ඇතිවිය හැකි බව සඳහන් කරමිනි.

කෙසේවෙතත් සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තාවලට අනුව එම දින කිහිපය තුළ සංචාරක පැමිණීමෙහි සැලකිය යුතු වෙනසක් සිදුනොවී තිබීම, අදාළ සිදුවීම හරහා මෙරට සංචාරක කර්මාන්තයට ක්ෂණික හානිදායක තත්ත්වයක් ඇති නොවූ බවට කදිම සාක්ෂියකි. එම සතිය තුළ සංචාරකයින් 26,472 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

දෛනික සංචාරක පැමිණීම සලකා බැලූ කල, 2024 ඔක්තෝබර් 25 දින විදෙස් සංචාරකයින් 5,556 ක් මෙරටට පැමිණ ඇති අතර එය 2024 අගෝස්තු 15 න් පසු තනි දිනක් තුළ වැඩිම සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි දිනය ද වේ.

2024 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම පිළිබඳ සටහන් කිහිපයක් පහතින් දැක්වේ.

 

 

 

 

The post සංචාරකයින් ලක්ෂ 16ක් දිවයිනට. ආරුගම්බේ සිද්ධිය නිසා සංචාරක පැමිණීමට බලපෑමක් නැහැ. දත්ත වාර්තා පෙන්වා දෙයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka