මෙවන් පසුබිමක, ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සඳහා බෙහෙවින් අවශ්‍ය වී පවතින විදේශ විනිමය පරිත්‍යාග කිරීම මගින් මෙම තීරණාත්මක අවධියේ දී රටට සහාය ලබා දීම සඳහා තම කැමැත්ත පළ කරමින් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විසින් සිදු කළ ප්‍රකාශයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාදරයෙන් පිළිගනු ලැබේ. සහාය ලබා දීමට අපේක්ෂා කරන පුද්ගලයන් හට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ බැංකුවල පවත්වා ගෙන යනු ලබන පහත ගිණුම්වලට විදේශ විනිමය පැවරුම් සිදු කළ හැකි අතර, එවැනි විදේශ ව්‍යවහාර මුදල් පැවරුම් ආහාර, ඉන්ධන සහ ඖෂධ ඇතුළුව අත්‍යවශ්‍ය ආනයන සිදු කිරීම සඳහා පමණක් භාවිත කරනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහතික වනු ලැබේ.
බැංකුවේ නම | ගිණුම් අංකය | SWIFT කේතය |
Deutsche Bank Trust Company Americas | 04015541 | BKTRUS33XXX |
Bank of Ceylon London | 00088001249 | BCEYGB2LXXX |
HSBC London | 39600144 | MIDLGB22XXX |
BHF Bank – Germany | 0000739854 | BHFBDEFF500 |
රැස් කරනු ලබන මුදලෙහි සහ එවැනි විදේශ ව්‍යවහාර මුදල් සම්පත් භාවිතයේ විනිවිදභාවය පවත්වා ගෙන යාම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි නිලධාරීන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කොට ඇති අතර, පවසන ලද කමිටුව විසින් කාර්තුමය පදනමක් මත cbsl.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ සහාය ලබා දෙන්නන්ගෙන් ලැබෙන විදේශ ව්‍යහාර මුදල්වල මූල්‍ය ප්‍රකාශ ප්‍රකාශයට පත් කරනු ඇත.
The post ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමන්ගෙන් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් වෙත පණිවුඩයක් appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Bizweb2 Bizweb2
#SriLanka #News #lka