රජය විසින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය කෙරෙහි දක්වන ප්‍රමුඛතාව පිළිබඳව අවධාරණය කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති ක්ෂේත්රයේ ආයෝජනය කිරීම සඳහා ඉන්දියානු පෞද්ගලික අංශයට ආරාධනා කළේය. රජයේ එම පියවර අනුමත කරමින්, පුනර්ජනනීය බලශක්ති අංශයේ, විශේෂයෙන් සූර්ය බලශක්ති ක්ෂේත්රයේ ආයෝජනය කිරීමට ඉන්දියානු ආයෝජකයින් උනන්දු වන බව මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.
පුනර්ජනනීය බලශක්තිය, ගුවන් සම්බන්ධතාව, අන්‍යෝන්‍ය වෙළඳාම සහ ආයෝජන ව්‍යාපාර පිළිබඳ ඒකාබද්ධ කොමිසම්, ශ්‍රී ලාංකික චිත්‍රපට ඩිජිටල්කරණය සඳහා තාක්ෂණික සහයෝගීතාව සහ බිම්ස්ටෙක් සංවිධානයේ කලාපීය සහයෝගීතාව වැනි පුළුල් පරාසයක අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහය වෙනුවෙන් ඉන්දීය රජයට සහ එහි ජනතාවට ස්තූතිය පිරිනැමූ අමාත්‍ය ගුණවර්ධන මහතා, ආර්ථික කටයුතු සඳහා රට විවෘත කිරීම පිළිබඳව ප්‍රශංසා කළේය. මහ කොමසාරිස්වරයා, සම්පූර්ණයෙන් එන්නත් ලබා දී ඇති ඉන්දියානුවන් සඳහා මෙරටට ඇතුළුවීම සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ඉවත් කිරීම පිළිබඳව අගය කරමින්, එසේ සීමා ඉවත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ සමස්ත ආර්ථිකයටම ඉමහත් ප්රතිලාභ ලැබෙන බව පැවසීය.
The post ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ක්ෂේත්රයේ ආයෝජනයට ඉන්දියානු ආයෝජකයින් උනන්දුවෙන් – මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka