ත්‍රාසජනක ක්‍රීඩා වන රළ මත ලිස්සා යාම, ධවල ජලයේ ලිස්සා යාම, උණුසුම් වායු බැලූන්, ජෝර්දානයේ දක්නට නොහැකි සිප් ලයිනිං ක්‍රීඩාව, කිමිදීම සහ වනජීවී උද්‍යානවල ස්වභාවික වාසස්ථානවල සිදු කරන ත්‍රාසජනක ක්‍රීඩා යනාදිය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් විවිධ අංශ ආවරණය කෙරෙන ශ්‍රී ලංකාවේ දර්ශනීය පින්තූර මෙම ප්‍රදර්ශනය තුළින් නිරූපණය කෙරිණි.
මෙම සංචාරක ප්‍රවර්ධනයට සමගාමීව ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන වන ලංකා තේ, ලංකා ඇරබිකා කෝපි, ස්වභාවික රබර් නිෂ්පාදන, ස්වභාවික රබර්වලින් නිපදවන ව්‍යායාම උපකරණ, කාබනික පොල් නිෂ්පාදන, කොහු නිෂ්පාදන, ස්වාභාවික සබන් නිෂ්පාදන, නේචර්ස් සීක්රට් නිෂ්පාදන ඇතුළත් ශ්‍රී ලාංකික ආලේපන වර්ග, බරකා රූපලාවන්‍ය නිෂ්පාදන, ස්පා සිලෝන්, මුරුංගා සහ අනෝදා වැනි සුපිරි ආහාර කුඩු, ශ්‍රී ලංකාවේ අත්කම් භාණ්ඩ, අත්යන්ත්‍ර නිපැයුම්, දංකොටුව පෝසිලේන් යනාදිය මෙම ප්‍රදර්ශනය තුළින් විදහා දැක්විණි.
The post ශ්‍රී ලංකාවේ ත්‍රාසජනක හා ක්‍රීඩා සංචාරක කර්මාන්තය ජෝර්දානය තුළ ප්‍රවර්ධනය කෙරේ appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka