වර්තමාන ලෝකය තුළ කෘතිම බුද්ධිය (AI) විසින් අප මෙතෙක් දැන සිටි සියලුම තාක්ෂණික කරුණු ශීඝ්‍රයෙන් වෙනස් කරමින් සිටියි. AI මත පදනම් වූ තාක්ෂණික ක්‍රමවේදයන් නිසා පෙර නොවූ ලෙස මුළු ලොවම AI වලින් උපරිම සහය ලබා ගැනීමට සූදානම් වන ක්‍රමවේදයකට පිවිස තිබේ. ලෝකය විසින් තම වියදම් අඩු කර ගනිමින් කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමට AI උපයෝගී කර ගැනීම, වර්තමාන ලෝකයේ සුලබ අත්දැකීමකි. ඒ ඔස්සේ යමින් ශ්‍රී ලංකාවේ ද ප්‍රමුඛතම ව්‍යාපාර වන Campus Direct, Cinnamon Hotels, Keells Super , Dilmah Tea, Third Space Global ඇතුළු ව්‍යාපාර රාශියක් තම ව්‍යාපාර ඩිජිටල් කරණය කර ගැනීමේ සේවය ලබා ගැනීම සඳහා Salesforce වෙත යොමු වෙමින් සිටියි. 2030 වන විට ඩිජිටල් ශ්‍රී ලංකාවක් යන අරමුණ පෙරදැරි ව ඉදිරියට යන ශ්‍රී ලංකාවේ දැක්මට අනුගත වෙමින්, එම අරමුණ වෙත යෑමට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට AI සහ දත්ත මත පදනම් වූ පාරිභෝගික සබඳතා කළමනාකරණයක් (CRM) අත්‍යාවශ්‍ය ම බව Salesforce අවධාරණය කරයි.
Salesforce විසින් පසුගිය දා AI නියෝජිතයින්ගෙන් සමන්විත වූ Agent force නම් විශේෂ යෙදවුමක් හඳුන්වා දුන්නේ ය. සේවා නියුක්තිකයින් සමග උරෙනුර ගැටී කටයුතු කළ හැකි මෙම ස්වයංක්‍රීය නියෝජිතයින් සහ මෙවලම් භාවිතා කර, ඉදිරියේ දී ආයතනවලට තම අවශ්‍යතා පහසුවෙන් ම ඉටු කර ගැනීමට හැකි වනු ඇත. මෙම Agent force බලකායේ අසීමිත තාක්ෂණය භාවිතා කරමින් ඕනෑම ආයතනයකට ඉතාමත් සරල කේතයක් භාවිතා කර කරමින් තමාට අවශ්‍ය පරිදි නියෝජිතයින් නිර්මාණය කර ගත හැකිය. මෙම AI නියෝජිතයින් හට දත්ත විශ්ලේෂණය කිරීම, පාරිභෝගික ගැටලුවලට පිළිතුරු ලබා දීම සහ ප්රචාරක කටයුතු සැලසුම් කිරීම වැනි කාර්යයන් සිදු කිරීමට හැකියාව තිබේ.
Salesforce විසින් නොකඩවා එහි නියෝජිතයින්ගේ හැකියාවන් පුළුල් කරමින් සිටියි. ඔවුන් විකුණුම්, සේවා, ප්‍රචාරණය සහ වෙළඳාම යන අංශවල උපරිමය ගැනීම සඳහා Customer 360 වැනි විශේෂාංග හරහා පාරිභෝගික අත්දැකීම උසස්ම තලයකට ගෙන යෑමට සූදානම් වේ. MuleSoft යනු ක්ෂේත්රයේ ප්‍රමුඛතම ස්වයංක්‍රීය කරණය කරන සහ API කළමනාකරණය කරන ක්රමවේදයකි. එය මාසයක දී Integration Flow බිලියන 205 ක් ද, Automation Flow බිලියන 331 ක්ද සම්පූර්ණ කරනු ලබයි. MuleSoft විසින් Salesforce වෙත ඔවුන්ගේ API වැඩිදියුණු කර ගැනීමට සහ තුන් වන පාර්ශවයේ දත්ත ලබා ගැනීමට සහය වනු ඇත. Slack යනු සේවා නියුක්තිකයින් විසින් සෘජුවම මුහුණ දෙන ගැටලුවලට නියෝජිතයින්ගේ සහය ලබා ගැනීමට ඉඩ දෙන ක්රමවේදයකි. මෙහි දී පරිශීලකයින්ට තමාට අවශ්‍ය සහ ගැළපෙන පරිදි නියෝජිතයින්ව නිර්මාණය කර ගෙන ඔවුන් සමග එකට වැඩ කිරීමට හැකිය.
Salesforce India හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි වන අරුන්ධතී භට්ටචාර්යා මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේ, “ශ්‍රී ලංකාව මෑත කාලයේ දී නවීන තාක්ෂණය වැළඳ ගැනීම වෙනුවෙන් විශාල පියවර රාශියක් ගෙන ඇති බව අපට දක්නට පුළුවන්. එමගින් ඔවුන්ට ව්‍යාපාර ඩිජිටල් කිරීමට සහ නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමට මෙන්ම, තිරසාර සංවර්ධනයක් කරා යෑමට ද හැකියාව ලැබී ඇත. වර්තමාන රජය 2030 වර්ෂය වන විට ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 15 ක් දක්වා වර්ධනය කර ගැනීමට සැලසුම් සකස් කරමින් සිටියි. AI තාක්ෂණයෙන් බලගැන්වුණු අපගේ නවීන සැලසුම් මීට විශාල සහයක් වනු ඇතැයි යන්න අපේ විශ්වාසයයි. අප ශ්‍රී ලංකාව වෙනුවෙන් උසස්ම සහ යාවත්කාලීන වූ තාක්ෂණයක් ලබා දීමට පොරොන්දු වෙන අතර, ශ්‍රී ලංකාව අපනයනය මත පදනම් වූ ඩිජිටල් රාජ්‍යයක් කිරීම වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයක් ලබා දීමට අප කැප වීමෙන් බලා සිටින්නෙමු. මෙම ඩිජිටල් යුගය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර එයට ගැළපෙන ලෙස බලාත්මක කිරීම අපේ අරමුණ වේ” ලෙසයි.
Salesforce පද්ධතිය තුළ හවුල්කරුවන්ගේ ඇති වැදගත්කම ගැන අවධාරණය කරමින්, John Keells Holdings PLC හි විධායක උප සභාපති / සමූහ CIO සහ John Keells IT හි අධ්යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි වන රමේශ් ශන්මුඝනාදන් ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාව තුළ දිනෙන් දින දියුණු වෙමින් ඉදිරියට යන ඩිජිටල් පද්ධතිය නිසා රටේ සියලු ම ව්‍යාපාරවලට විශාල පරිවර්තනයකට භාජනය වීමට හැකියාව ලැබී ඇත. එමගින් එම ව්‍යාපාරවල සම්පූර්ණ හැකියාවන්වල උපරිමය ලබා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇත. මෙම හවුල්කාරීත්වය හරහා අපට මෙම පද්ධතිය තුළට අපගේ තාක්ෂණය ගෙනැවිත්, එය නව්‍ය තලයකට ගෙන යෑම අපගේ බලාපොරොත්තුව වේ” ලෙසයි.
John Keells Holdings PLC හි ජ්‍යෙෂ්ඨ උප සභාපති, සමූහ තොරතුරු තාක්ෂණ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වන නාලක උමගිලිය මහතා ද අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටියේ, ” ජෝන් කීල්ස් විසින් Salesforce සමග ඇති කරගත් මෙම සබඳතාවෙන් වඩාත් කාර්යක්ෂම මෙන්ම තාක්ෂණික මුහුණුවරකින් යුතු සේවාවක් ලබා දීමට හැකි වේ. Salesforce විසින් ඉදිරියේ දී ඔවුන්ගේ තාක්ෂණය ඔස්සේ ජෝන් කීල්ස් හි පාරිභෝගික සබඳතා කළමනාකරණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇත. Salesforce නව්‍ය අදහස් සහ උසස්ම තාක්ෂණය මගින් පාරිභෝගික සබඳතා, ව්‍යාපාර ක්‍රියාවලිය වැඩි දියුණු වී, අප ආයතනය ද විශාල වශයෙන් වර්ධනය වනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි” ලෙසය.
The post ශ්‍රී ලංකාව තුළ AI තාක්ෂණයෙන් බලගැන්වුණු ඩිජිටල් පරිවර්තනයක් සිදු කිරීම සඳහා Salesforce සූදානම් වෙයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka