පසුගිය වසරේදී පැවැත්වුණු SATA සම්මාන උළෙලේදී ‘අමුත්තන්ගේ තේරීම – වසරේ විශිෂ්ටතම ගුවන් සේවය’ (Visitors Choice – Airline of the Year) සම්මානය හිමිකර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් වූ අතර, මෙම වසරේ සම්මානයත් සමග දකුණු ආසියානු කලාපය තුළ තමන් සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් වී ඇත. මේ වනවිට ශ්‍රීලංකන් ගුවන් සේවය මෙරට සිට ඉන්දියාව, මාලදිවයින, පාකිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය ඇතුළුව දකුණු ආසියානු ගමනාන්තයන් වෙත සතියකට ගුවන් ගමන් වාර 140 ක් ක්‍රියාත්මක කරයි.
ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කලාපීය කළමනාකරු රවීන්ද්‍රන් වී. මහතා මෙම ජයග්රහණයන් සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය. “අපගේ උත්සාහයන් දකුණු ආසියාවේ අපගේ හවුල්කරුවන් වෙතින් මෙලෙස ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතුවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් විහිදී පවතින දකුණු ආසියානු කලාපය අපගේ සාර්ථකත්වයට ලබාදෙන දායකත්වය සුළුපටු නැහැ. මේ ආකාරයට ඇගයීමට ලක්වීම, අඛණ්ඩව දකුණු ආසියාවේ පුරෝගාමියෙකු ලෙස ක්ෂේත්රයේ ඉදිරියෙන්ම සිටීමට සහ වර්ධනය වීමටත්, අනාගතයට කරා යන ගමනේදී අපගේ පාරිභෝගිකයින්ට සුපුරුදු පරිදි විශිෂ්ටතම සේවාවක් හා සම්බන්ධතාවක් ලබාදීමටත් අප දිරිගන්වනවා.”
ශ්‍රීලංකන් ගුවන් සේවය දකුණු ආසියානු කලාපය තුළ ක්‍රියාත්මක කරන ගුවන් ගමන් මගින් ඉන්දියාවේ චෙන්නායි, මුම්බායි, බැංගලෝර් හා දිල්ලි, පාකිස්ථානයේ කරච්චි හා ලාහෝර්, නේපාලයේ කත්මන්ඩු සහ බංග්ලාදේශයේ ඩකා වැනි ප්‍රධාන නගර රැසක් ආවරණය වේ. එමෙන්ම මේ දක්වා මාලදිවයිනේ මාලේ සහ ගැන් දූපත් යන ගමනාන්තයන් දෙකම ආවරණය කරන එකම ජාත්‍යන්තර ගුවන් සේවය වන්නේද ශ්‍රීලංකන් ගුවන් සේවයයි. මේ නිසා ශ්‍රීලංකන් ගුවන් සේවය යුරෝපය, මැද පෙරදිග, ඉන්දියාව සහ ඈත පෙරදිග සිට මාලදිවයින වෙත පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත් වී තිබේ.
ඡායාරූප: 1, 2 සහ 3 – ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කලාපීය කළමනාකරු වී. රවීන්ද්‍රන් මහතා සහ ප්‍රාදේශීය කළමනාකාරිනී (බැංගලෝර්) ඉරුෂිකා අල්වීර මහත්මිය South Asian Travel Awards (SATA) 2023 සම්මාන උළෙලේදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය සඳහා වූ සම්මානය SATA හිටපු සභාපති සහ මාලදිවයිනේ National Boating Association හි අධ්යක්ෂ මණ්ඩල සාමාජික අහමඩ් අෆ්රා මහතා අතින් ලබාගත් අවස්ථාව
The post ශ්‍රීලංකන් ගුවන් සේවය SATA 2023 හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ඇගයීමට ලක් වේ appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Bizweb2 Bizweb2
#SriLanka #News #lka