2024 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 1.7% ක වර්ධනයක් අත්පත් කරගනු ඇති බවට අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුව විසින් වසරකට දෙවරක් සිදුකරනු ලබන යාවත්කාලීන කිරීමේ වාර්තාවක් මගින් මේ බව අනාවරණය කර ඇත.
එහිදී ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත්තේ 2023 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 3.8% කින් සංකෝචනය වනු ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම අවිනිශ්චිතතාවයෙන් වැසී ඇති බවත්, වර්ධන අපේක්ෂාවන් රඳා පවතින්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ තීරණාත්මක ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සමඟ අත්කර ගන්නා ප්‍රගතිය මත බවත් ලෝක බැංකුව මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.
The post ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාව ගැන සුභවාදී පුරෝකථනයක් appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka