විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක් අතරතුර දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා යනාදීහු ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ආධාර දෙන රටවල නියෝජිතයින් දැනුම්වත් කළහ. 2022 අප්‍රේල් 12 වැනි දින මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙහිදී, මේ වන විට ක්‍රියාත්මක වන ක්‍රියාමාර්ග සහ එළඹෙන සතියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවේ මූලික කටයුතු පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරන ලදී.
අතරමැදි කාලසීමාව තුළ මූල්‍ය කටයුතුවලට සහය වන ලෙස අමාත්‍යවරු මෙහිදී ආධාර දෙන රටවල් වෙත ඇරයුම් කළහ.
මෙහිදී ඔවුහු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අතර, පුළුල් සාකච්ඡාවලට ද සහභාගී වූහ.
විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී විය.
The post රටේ තත්ත්වය ගැන ආධාර දෙන රටවල් දැනුවත් කරයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka