එම වැඩසටහන යටතේ 2015/2016 කාලසීමාව තුළ සමාගම් 20ක් සහ 2018/2019 කාලසීමාව තුළ සමාගම් 18ක් ප්රතිලාභ ලබා ඇත. වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සිලෝන් තේ ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව පෞද්ගලික සන්නාම ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවට හඳුනාගෙන ඇත.
ඒ අනුව, 2021/2022 වර්ෂය තුළ සන්නාම ප්‍රවර්ධන යෝජනා ක්‍රමය තවදුරටත් ව්‍යාප්ත කරමින් දැනට රටවල් 12ක පවතින ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන යටතේ සිලෝන් තේ අළෙවිසැල් (Ceylon Tea Shops and Houses) ප්‍රවර්ධනය කිරීම සඳහා ද අවශ්‍ය දිරිගැන්වීම් ලබා දීම පිණිස වැවිලි අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
The post රටවල් 12ක Ceylon Tea Shops ප්‍රවර්ධනයට රජයේ අවධානය appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka