යාත්‍රා, මැණික් හා ස්වර්ණාභරණ වැනි සුඛෝපභෝගී අපනයන සඳහා ශ්‍රී ලංකාව සුප්‍රසිද්ධ ගමනාන්තයක් වන අතර, මොනකෝ සමඟ පවතින ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම දෙරටටම යහපත් විය හැකි බව තානාපති හිරිඹුරේගම මහත්මිය පැහැදිලි කළාය.
රජයන් දෙකම උනන්දුවක් දක්වන සාගර සංරක්ෂණය, තිරසාර සංවර්ධනය, පර්යේෂණ සහ නව්‍යකරණය වැනි පොදු කාරණා සහ එක්ව කටයුතු කිරීම පිළිබඳව තානාපතිවරයන් දෙදෙනා සාකච්ඡා කළහ.
දෙරට අතර සහයෝගිතාව හා මිත්‍රත්වය වර්ධනය කිරීමට හා පුළුල් කිරීමට සැලසුම් කර ඇති බොහෝ ක්‍රියාකාරකම්වල ආරම්භක පියවරක් ලෙස මෙම විශේෂ රැස්වීම පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පවත්වන ලදි.පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් දුලන්ජි හේරත් මහත්මිය සහ පැරීසියේ මොනකෝ තානාපති කාර්යාලයේ උපදේශක සෙවරින් ඩුසෙන්ට්පෙරේ මහත්මිය ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.
The post යාත්‍රා, මැණික් හා ස්වර්ණාභරණ අපනයන සඳහා මොනකෝ රාජ්‍ය සමඟ සාකච්ඡා appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka