මුදල් විශුද්ධිකරණයට එරෙහි පියවර ශක්තිමත් කෙරේ

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී කටයුතු සදහා මුදල් සැපයිමට එරෙහි ජාතික වැඩපිලිවෙලට ශක්තියක් වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව හා රාජ්‍ය නොවන සංවිධාන පිලිබද ජාතික ලේකම් කාර්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට (MOU) ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ සුභානි කීර්තිරත්න මහත්මියත්, රාජ්‍ය නොවන සංවිධාන පිලිබද ජාතික ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජිව විමලගුණරත්න මහතාත් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.

එම අවස්ථාවට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතුණු අතර එහිදී අධිපතිවරයා අදහස් දක්වමින් රටේ මූල්‍ය පාරිශුද්ධභාවය සදහා මෙය වැදගත් පියවරක් බවත් රාජ්‍ය ආයතන අතර අනෝන්‍යය සම්බන්ධීකරණයේ වැදගත්කම ඔහු විසින් අවධාරණය කෙරුණු අතර, ඒ සදහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ නිබද සහයෝගය අගය කරන ලදී.

මෙම අවස්ථාව සදහා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු, සහකාර අධිපතිවරු ඇතුළු මූල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරින් ද, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂතුමියද සහභාගීවී සිටියේය.

The post මුදල් විශුද්ධිකරණයට එරෙහි පියවර ශක්තිමත් කෙරේ appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka