මුදිත සවණක්කොඩි මහතා වැඩි දුරටත් අවධාරණය කළේ තරුණයන් අතර ජනප්‍රිය ඇබ්බැහියක්ව ඇති කෝලාවලට හා බීරවලට ගුණාත්මක විකල්පයක් ලෙස මෙම නිෂ්පාදන හඳුන්වා දුන් බවයි. ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දුන් මත්වන ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන නිෂ්පාදනය මෙය බවත්, ගොරකා ආශ්‍රිතව නිෂ්පාදනය කර ඇති පානය, පැණි බීමට හුරුව සෞඛ්‍යය ගැටළුවලට මුහුණ පා සිටින්නන්ට වඩාත් යෝග්‍යය බවත් ඔහු පැවසීය. බෙදා හැරීම් ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන ඩෙල්මෝ ආයතනයේ අධ්යක්ෂ තුසිත් තිවංක මුතුමාල මහතා සඳහන් කළේ දේශීය නිෂ්පාදන නඟා සිටුවිය යුතු මොහොතක රටේ ආර්ථිකයට ශක්තියක් වෙමින් මෙවැනි නිෂ්පාදන බිහි වීම පිළිබඳව සතුටු වන බවයි. නෙල්ලි කෝලා මීට වසර දෙකකට පෙර සිට විදෙස් වෙළෙඳපොළ ජය ගෙන තිබුණද ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට නිකුත් කළේ ප්‍රථම වතාවටය. එම නිෂ්පාදන ඩෙල්මෝ ආයතනයේ කැපවීම තුළින් ජනතාව අතර ජනප්‍රිය කළ හැකි බව මා ප්‍රොඩක්ට් ආයතනය විශ්වාස කරයි.
The post මා ප්‍රඩක්ට්ස් නිෂ්පාදන බෙදා හැරීමේ නියෝජිතයා ලෙස ඩෙල්මෝ ආයතනය ගිවිසුම් ගත වේ appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Bizweb2 Bizweb2
#SriLanka #News #lka