මහ බැංකුවේ නව පාලක මණ්ඩලය රැස්වෙයි

2023 අංක 16 දරන මහ බැංකු පනතේ විධිවිධාන යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ නව පාලක මණ්ඩලය ඊයේ, 2023 සැප්තැම්බර් 21 වැනි දින, පළමු රැස්වීම පවත්වන ලදී.

මුදල් නීති පනතේ විධිවිධාන යටතේ මීට පෙර ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලය අහෝසි වීමෙන් අනතුරුව මෙම නව පාලක මණ්ඩලය පිහිටුවා තිබේ.

මහ බැංකුවේ නව පාලක මණ්ඩලයේ රැස්වීම පහත සඳහන් සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි:-

අ) සභාපති ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,
ආ) මීට පෙර මුදල් මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන,
ඇ) මීට පෙර ද මුදල් මණ්ඩල සාමාජිකයෙකු වූ නිහාල් ෆොන්සේකා මහතා,
ඈ) ආචාර්ය රවී රත්නායක,
e) අනුෂ්ක විජේසිංහ.

අලුතින් පිහිටුවන ලද පාලක මණ්ඩලයේ මෙම සාමාජිකයින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුතින් පිහිටුවන ලද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින් ද වනු ඇත. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය එහි පළමු රැස්වීම සඳහා ළඟදීම රැස්වේ.

The post මහ බැංකුවේ නව පාලක මණ්ඩලය රැස්වෙයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka